සමාන අවස්ථා නිර්මාණය කිරීමේ මානුෂීය ක්‍රියාව

අපගේ මෙහෙවර ඔවුන්ගේ සංස්කෘතිය, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා පුද්ගලයින්ගේ ජීවිතයට ධනාත්මක වෙනසක් ඇති කිරීම සහ
ඔවුන්ගේ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට උපකාර කිරීමයි.

අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය

අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමට පුද්ගලයින්ට සහාය වන ව්‍යාපෘති ආරම්භ කිරීම

ජාත්‍යන්තර ආධාර

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී මානව ආධාර පදනම් සමග එක්වී කටයුතු කිරීම

අපගේ දැක්ම වන්නේ ලොව පුරා සිටින මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහිධනාත්මක බලපෑමක් ඇති කිරීමයි.

අපගේ නවතම මානුෂීය මෙහෙවර

post-image

XM වියට්නාමයේ පාසලකට තාක්ෂණික අංශයෙන් සහාය සපයයි

පළ කළ දිනය: 19/03/2024 15:17 GMT

2023 දෙසැම්බර් 20 වන දින Nuôi Em ව්‍යාපෘතිය සමග සහයෝගීතාවෙන් XM වියට්නාමයේ හයිලන්ඩ්ස් ප්‍රදේශයේ තාක්ෂණික පෙරලියක් සිදු කරන ලදි. පරිගණක 15ක් බෙදා දීම හරහා අපි වියට්නාමයේ සොන් ලා හි සිසුන් තාක්ෂණය සමග සම්බන්ධ කළෙමු. Chieng Chung පාසලේ අප සිදු කළ සංචාරය අතරතුර ප්‍රදේශයේ සිසුන් මුහුණ දෙන ගැටලු වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට අපි විදුහල්පති සහ ගුරුවරුන් සමග සාකච්ඡා කළෙමු. එසේම අප කණ්ඩායම පරිගණකවලට අදාළ මූලික කරුණු කියාදෙමින් සහ නව උපකරණ සමග ප්‍රායෝගික අත්දැකීම ලබාදෙමින් සක්‍රියව සිසුන් සවිබල ගැන්වීමට කටයුතු කළහ. [..]

post-image

XM ඊජිප්තුවේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාර වෙයි

පළ කළ දිනය: 23/02/2024 14:31 GMT

2024 ජනවාරි 3 අධ්‍යාපනය තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව XM කයිරෝහි ඇති පුණ්‍යායතනයක් වන ‘Haya Karima’ වෙත දායකත්වය දක්වන ලදි. අපගේ පරිත්‍යාගය වරප්‍රසාද නොලත් ළමුන්ට වැඩි සාක්ෂරතාවක් ලබා දෙමින් අධ්‍යාපන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් ප්‍රමාණවත් පාසල් කාර්ය මණ්ඩලයක් සහතික කිරීමටත් උපකාර විය. Haya Karima පිළිබඳ: ‘Haya Karima’ (යහපත් ජීවිතය) යනු 2019 ඔක්තෝබර් 22 දින පිහිටුවන ලද ජාතික මුලපිරීමකි. මෙම සංවිධානයෙන් ඊජිප්තු පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවා සිය අභිමානය පවත්වා ගනිමින් යහපත් ජීවිතයක් සඳහා ඇති අයිතිය තහවුරු කිරීම අරමුණු [..]

post-image

XM තායිලන්තයේ වරප්‍රසාද නොලත් සිසුන් සවිබලගන්වයි

පළ කළ දිනය: 26/01/2024 14:31 GMT

ආයතනික සමාජ වගකීම ප්‍රදර්ශනය කරමින් XM මෑතකදී තායිලන්තයේ දී My Future, My Dream Career වැඩසටහන සංවිධානය කරන ලදි. Education for Development Foundation (EDF) සමග එක්ව, මෙම වැඩසටහන මගින් අත්‍යාවශ්‍ය වෘත්තීය සහ ජීවන කුසලතා සහිත වරප්‍රසාද නොලත් සිසුන් සංවර්ධනය කිරීම සහ සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කරන ලදි. මෙම බහුවිධ මුලපිරීම ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත විය. ප්‍රථමයෙන් අපි පාසලක් හඳුනා ගැනීමට කටයුතු කළෙමු. ඒ එම ව්‍යාපෘතිය එහි සිසුන්ගේ නිර්මාණශීලිත්වය සහ ව්‍යාපාරික ඥානය පෝෂණය කරන බව සහතික කරමිනි. පසුව අපි නිපුණතා සංවර්ධන [..]

post-image

XM සෙලන්ගෝහි අනාථ දරුවන්ට සහාය සලසයි

පළ කළ දිනය: 23/01/2024 13:24 GMT

සයිප්‍රස්හි අප මූලස්ථානය විසින් සංවිධානය කරන ලද සහයෝගීතාවක් තුළ Cahaya Kasih Bestari ළමා නිවාසයට උපකාර කිරීමේ උදාර සත්කාරය සඳහා සහාය වීමේ ඒකායන අරමුණ ඇතිව අපි මෑතකදී සෙලන්ගෝහි We Listen Malaysia සංවිධානය සමග එක් විය. සහල්, කුකුළු මස්, සෝස් වර්ග යනාදී ආහාර මෙන්ම සබන්, ළදරු නැපි, අධ්‍යාපනික උපකරණ, විදුලි පංකා සහ රෙදි සෝදන යන්ත්‍ර යනාදී වශයෙන් අප පරිත්‍යාග කළ භාණ්ඩ කුඩා දරුවන්ගේ සුබසිද්ධිය සඳහා උපකාර වනු නිසැකය. සයිප්‍රසයේ සහ ග්‍රීසියේ අප කණ්ඩායමේ සාමාජිකයින් මැලේසියාවේ සංචාරයක නිරත වී එම ද්‍රව්‍ය දරුවන්ට බෙදා [..]

post-image

XM සහ BenihBaik අසරණ පුද්ගලයින්ට සහාය වෙයි

පළ කළ දිනය: 18/01/2024 14:29 GMT

පෙන්ගිලිංගන්හි අවශ්‍යතා සහිත පවුල්වලට උපකාර වීම පිණිස අපි මෑතකදී ඉන්දුනීසියාවේ BenihBaik සමග අත්වැල් බැඳ ගත්තෙමු. එහිදී නැගෙනහිර ජකර්තාවේ, කැකුං දිස්ත්‍රික්කයේ පෙන්ගිලිංගන්හි සිටින අසරණ පවුල් 50කට සහල්, ආහාර පිසින තෙල්, තේ, සීනි, කෝපි, ටින් මාළු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් 50ක් ලබා දෙන ලදි. එය සද්භාවයෙන් සිදුකළ ක්‍රියාවකි. නිවැරදි ඉලක්කවලින් යුතුව ඉහළම සමාජීය බලපෑමක් සිදුවන බව තහවුරු කරන බැවින් මෙවැනි ආයතනික සමාජ වගකීම් ඉටුකරන BenihBaik හි උපකාරය නොමැතිව මෙවැනි කාර්යයක් ඉටු කළ නොහැකි වනු ඇත. කැකුං දිස්ත්‍රික්කය නැගෙනහිර ජකර්තාවේ වැඩිම [..]

post-image

සිංගප්පූරුවේ RCHD සමග XM සතුට සහ විනෝදය සපයයි

පළ කළ දිනය: 17/01/2024 17:21 GMT

අපි මෑතකදී සිංගප්පූරුවේ Red Cross Home for the Disabled (RCHD) සමග සහයෝගීතාවෙන් එක්ව “ඩිස්නි සජීවීකරණ ප්‍රදර්ශන සංචාරයක්” සංවිධානය කළෙමු. ඒ එය බෙහෙවින්ම අවශ්‍ය කළ පුද්ගලයින් කිහිප දෙනෙකු සඳහායි. Red Cross Home හි වාසය කළ දැඩි කායික සහ බුද්ධිමය අබාධවලින් පෙළෙන පුද්ගලයින් 12 දෙනෙකු වෙත ඉන්ද්‍රජාල සහ විස්මයන්ගෙන් පිරි ක්‍රියාකාරකමක් සමගින් චිකිත්සක අත්දැකීමක් ලබා දෙමින් සිය මානසික තත්ත්වය ඉහළ නංවා ඔවුන්ව සතුටු කිරීමේ අරමුණින් මෙම අවස්ථාව සංවිධානය කෙරිණ. RCHD යනු එවැනි අභියෝගවලට මුහුණ දෙන පුද්ගලයින් සඳහා වන එරට ප්‍රථම නේවාසික නිවහන [..]

post-image

Transparent Hands වෙත XM සහාය වේ

පළ කළ දිනය: 29/11/2023 14:10 GMT

සෞඛ්යය සෑම පුද්ගලයෙකුගේම ජීවිතයේ වැදගත්ම සාධකය වන අතර අවශ්යතා ඇති සියල්ලන්ටම ප්රතිකාර කිරීමට ප්රජාවට නොහැකි වූ විට එය වඩාත් දරුණු තත්ත්වයකි. පකිස්ථානයේ සෞඛ්ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමට වෙහෙසෙන Transparent Hands නම් රාජ්ය නොවන සංවිධානයට පරිත්යාග කිරීමට හැකිවීම අපට සතුටට කරුණකි. අප පරිත්යාගය සමග අපි පකිස්ථානයේ අවම වරප්රසාද ලත් ප්රදේශවල කඳවුරු ගොඩ නැගීමට Transparent Hands හට උපකාර වූවෙමු. රෝගීන් 560කට අධික පිරිසකට නොමිලේ වෛද්ය ප්රතිකාර, රසායනාගාර පරීක්ෂණ සහ ශල්ය ප්රතිකාර ලබා ගැනීමට අවස්ථාව හිමිවිය. Transparent Hands යනු පකිස්ථානයේ සෞඛ්ය සේවා අංශය [..]

post-image

XM සියැන්ජූර් භූකම්පනයේ වින්දිතයින්ට සහාය වේ

පළ කළ දිනය: 27/11/2023 18:08 GMT

අපි සොබාදහමේ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ එක්ව නැගී සිටිමු. සියැන්ජූර්හි දරුණු භූකම්පනයෙන් දිවි ගලවාගත් මව්වරුන්ට සහ දරුවන්ට උපකාර කිරීමට XM රාජ්ය නොවන සංවිධානයක් වන Human Initiative සමග එක්ව කටයුතු කරන ලදි. XM සහ Human Initiative එක්ව Òඅප පෝෂණ මිතුරන්Ó ලෙස හැඳින්වෙන SAGITA යන වැඩසටහන දියත් කරන ලදි. එහි අරමුණ වූයේ ළමුන්ව ආහාර පිළිබඳ දැනුවත් කිරීම සහ ඔවුන්ගේ පෝෂණය වැඩි කිරීමයි. කාන්තාවන් ආහාර පිසීමේ පාඨමාලාවලට සම්බන්ධ වූ අතර ඔවුන්ට බිත්තර, අල, බෝංචි සහ කුකුළු මස් වැනි ආහාර ඇසුරුම් පරිත්යාග කරන ලදි. භූකම්පනයක් [..]

post-image

තෙසලිහි ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට සහාය සලසයි

පළ කළ දිනය: 08/11/2023 18:11 GMT

සැප්තැම්බර් මස අවසානයේදී ග්රීසියේ තෙසලි ප්රදේශයේ දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවිය. සිය නිවාස, බඩුබාහිරාදිය සහ තම ආදරණීයයන් අහිමිවූවෝ මේ වන විට සිය දෙපයින් නැගී සිටීමට උත්සාහ දරමින් සිටිති. ග්රීසියේ සිටින අප කණ්ඩායමේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූවෝ විපතට පත්වූවන්ගේ අවශ්යතා සොයා බලමින් ඔවුන්ගේ අපහසුතාවන් අවම කිරීමට උපකාර කළහ. විපතක් සිදු වීමෙන් පසු පළමු දින කිහිපයේදී සපයන උපකාරය සුවිශේෂී වේ. මේ පිළිබඳ සැලවූ වහාම අප ස්වේච්ඡා සේවකයෝ ක්රියාත්මක වූහ. ඔවුහු Humanity Greece පුණ්යායතනය හරහා කඩිනමින් විපතට පත්වූවන් වෙත බෙදා දීම පිණිස ආහාර, පිරිසිදු කිරීමේ ද්රව්ය, සනීපාරක්ෂක [..]

post-image

Manny Pacquiao Foundation වෙත XM සහාය ලබාදෙයි

පළ කළ දිනය: 02/11/2023 19:04 GMT

සැප්තැම්බර් 28 වන දින Manny Pacquiao Foundation වෙත සහාය සැපයීම පිළිබඳ XM ආඩම්බරයට පත්වෙයි. අපයෝජනයට සහ අසාධාරණයට ලක්වූ තරුණියන් රැකබලා ගැනීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂයෙන් කටයුතු කරන Cameleon Association වෙත සහාය දක්වමින් අපගේ පරිත්යාගය අතිශයින් වැදගත් කාර්යයක් වෙත යොමු කර ඇත. උපදේශන සහ පුනරුත්ථාපන සේවා, අත්යාවශ්ය දෛනික අවශ්යතා ඇතුළත් ආරක්ෂිත නවාතැන් මෙන්ම අවශ්ය මානසික සහ වෛද්ය ප්රතිකාර ලබා දීම හරහා මෙම තරුණ ජීවිතවලට ලැබිය යුතු සුවය සහ ප්රතිසාධනය හිමිවන බව අපි විශ්වාස කරමු. මෙම උපකාරයෙන් ඔවුන්ට ආත්ම විශ්වාසයෙන් යුතු [..]

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.