ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

Turbo කොටස් CFD - ස්ප්‍රෙඩ්/තත්ත්වයන්

* වත්මන් වෙළඳපොළ මිලට පොරොත්තු ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

ඉපැයීම් දැනුම්දීම් සහ/හෝ ඕනෑම ආයතනික ක්‍රියාවකට පෙර මාජින් අවශ්‍යතා වෙනස් වීමට භාජනය විය හැකිය.

ඔබ CFD හි position ඉදිරි රැකුම (hedge) කර ඇති විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම්, මාජිනය සෑම විටම 50% වනු ඇත.

Turbo කොටස් සඳහා දෛනික කල් ඉකුත් වීමක් පවතී. ඉන් අදහස් වන්නේ වෙළඳාම් සියල්ල වෙළඳ දිනය අවසානයේ ස්වයංක්‍රීයව වැසෙන බවයි.

CFD කොටස් භෞතික කොටස් නොවන අතර කිසිදු ඡන්ද අයිතියකට යටත් නොවේ.

ආයතනික ක්‍රියාවක් සිදු වූ විට, සේවාදායකයින්ගේ වෙළඳ ගිණුම්වලට ඇති බලපෑම ඉවත් කිරීම සඳහා මිල ගැලපීමක් යෙදිය හැකිය.

ලිත් දින ප්‍රතීයමාන අතර ඒවා වෙනස්වීම්වලට භාජනය විය හැකිය.

Turbo කොටස් යනු මොනවාද?

Turbo කොටස් යනු නිශ්චිත කොටස් පාදක වන 200:1 ලෙවරේජයක් සහිත CFD නිෂ්පාදන වේ. Turbo කොටස් වෙළඳාම පාදකවූවෙහි වෙළඳ දිනය ආරම්භයේ ආරම්භ වන අතර එම දිනය අවසානයේදී අවසන් වේ. මෙම ක්‍රියාවලිය මීළඟ දිනයේදී නැවත ආරම්භ කරනු ලැබේ.

Turbo කොටස් සඳහා මාජින් අවශ්‍යතාව කොපමණද?

Turbo කොටස් CFD සඳහා මාජින් අවශ්‍යතාව = [ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ආරම්භක මිල] / [(ගිණුමේ ලෙවරේජයේ, සංකේතයේ ලෙවරේජයේ) අවමය]

ඉහත සඳහන් සූත්‍රය මගින් දැක්වෙන ආකාරයට position හි ලෙවරේජය වන්නේ ඔබේ ගිණුමේ ලෙවරේජය සහ ඔබ වෙළඳාම් කරන නිශ්චිත සංකේතයේ ලෙවරේජය අතරින් අවමයයි.

උදාහරණය 1: සේවාදායකයෙකු පාදක මුදල USD වන ගිණුමකින්, 100:1 ලෙවරේජ් සමග USD 100ක ආරම්භක මිලකට turbo Amazon CFD ලොට් 10ක් වෙළඳාම් කරයි. එමෙන්ම, turbo Amazon CFD සඳහා සංකේත ලෙවරේජය 200:1 වේ.

Turbo Amazon CFD position සඳහා අවශ්‍ය මාජිනය (උදාහරණය 1) = (10*10*100) / 100 = $100

උදාහරණය 2: සේවාදායකයෙකු පාදක මුදල USD වන ගිණුමකින්, 500:1 ලෙවරේජ් සමග USD 100ක ආරම්භක මිලකට turbo Amazon CFD ලොට් 15ක් වෙළඳාම් කරයි. එමෙන්ම, turbo Amazon CFD සඳහා සංකේත ලෙවරේජය 200:1 වේ.

Turbo Amazon CFD position සඳහා අවශ්‍ය මාජිනය (උදාහරණය 2) = (15*10*100) / 200 = $75

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

මට turbo කොටස් වෙළඳාම් කළ හැක්කේ කුමන වේලාවකද?

ඔබට වෙළඳ දිනය අතරතුර ඕනෑම වේලාවක වෙළඳාම් (positions) විවෘත කිරීම සහ වැසීම සිදු කළ හැකිය (එනම් වෙළඳ දිනය ආරම්භයේදී Amazon මිලදී ගැනීමක් (long position) විවෘත කර මිනිත්තු 10කට පසු එය වැසීම).

අදාළ ගාස්තු මොනවාද?

මෙම නිෂ්පාදනය සඳහා අදාළ වන ගාස්තුව වන්නේ ස්ප්‍රෙඩ් පමණි. ස්වැප් හෝ කොමිස් අය කරනු නොලැබේ.

මගේ වෙළඳාම වැසෙන්නේ කුමන අවස්ථාවකද ඒ කවර මිලකටද?

ඕනෑම විවෘත වෙළඳාමක් වෙළඳ සැසිය අවසානයේ වෙළඳාම් කිරීමට පවතින අවසන් මිලෙන් ස්වයංක්‍රීයව වැසේ.

Turbo කොටස් සඳහා උපරිම ලෙවරේජය කොපමණද?

ඔබට 200:1 යන උපරිම ලෙවරේජයෙන් turbo කොටස් වෙළඳාම් කළ හැකිය.

මම ලාභාංශ ලැබීමට සුදුසුකම් ලබන්නේද?

වෙළඳාම් දෛනිකව වසනු ලබන බැවින් turbo කොටස් වෙළඳාමේදී ඔබ ලාභාංශ ලැබීමට සුදුසුකම් නොලබනු ඇත.

මට turbo කොටස් වෙළඳාම් කළ හැක්කේ කුමන වෙළඳ වේදිකාවලද?

Turbo කොටස් පවතිනුයේ MT5 වෙළඳ වේදිකාව මත පමණි.

මෙම නිෂ්පාදනය පවතිනුයේ කුමන ගිණුම් වර්ග යටතේද?

ඔබට turbo කොටස් ට්‍රේඩ් කළ හැක්කේ අපගේ Standard ගිණුම් වර්ගය යටතේ පමණි.

මාජින් අනුපාතය ගණනය කරනු ලබන්නේ කෙසේද?

මාජින් අනුපාතය ගණනය කිරීම ඔබේ ගිණුම සහ වෙළඳාම් කරන උපකරණය අතර අවමය මත රඳා පවතියි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.