ස්ප්‍රෙඩ්

ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

ඔවුන්ගේ ගිණුම් වර්ගය සහ වෙළඳ ප්‍රමාණ (trade sizes) නොසලකා XM සියලුම සේවාදායකයින්ට තදින් බැඳුණු ස්ප්‍රෙඩ් ලබා දෙයි. අපගේ සේවාදායකයින්ට ලිහිල් නොමැති ස්ප්‍රෙඩ් ප්‍රයෝජනවත් වන්නේ ඔවුන්ට ඒවා සමග වෙළඳාම් කිරීමට හැකිනම් පමණක් බව අපි හඳුනාගෙන ඇත්තෙමු. අපගේ ක්‍රියාත්මක කිරීමේ ගුණාත්මක භාවයට අප විශාල වැදගත්කමක් ලබා දීමට හේතුව මෙයයි.

ස්ථාවර (fixed) සහ විචල්‍ය (variable) ස්ප්‍රෙඩ් යන දෙකෙන් කුමක්ද?

අන්තර් බැංකු ෆොරෙක්ස් වෙළඳපොළ මෙන් XM විචල්‍ය (variable) ස්ප්‍රෙඩ් සමග ක්‍රියාත්මක වෙයි. එයට හේතුව වන්නේ ස්ථාවර (fixed) ස්ප්‍රෙඩ් සාමාන්‍යයෙන් විචල්‍ය ස්ප්‍රෙඩ්වලට වඩා ඉහලින් පැවතීමයි. ඔබ ස්ථාවර ස්ප්‍රෙඩ් වෙළඳාම් කරන අවස්ථාවක ඔබට රක්ෂණ වාරිකයකට ගෙවීමට සිදු වෙයි.

බොහෝ වේලාවට ස්ථාවර (fixed) ස්ප්‍රෙඩ් ලබා දෙන ෆොරෙක්ස් තැරැව්කරුවන් පුවත් නිවේදන කාලය වටා වෙළඳ සීමාවන් යොදවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඔබේ රක්ෂණ වටිනාකමද නැති වීමයි. XM පුවත් නිකුතුවේදී වෙළඳාම් කිරීමට කිසිදු සීමාවක් පැනවීම සිදු නොකරයි.

භාගික (fractional) පිප් මිලකරණය

එහි විවිධ ද්‍රවශීලතා සපයන්නන්ගෙන් හොඳම මිල ගණන් ලබා ගැනීමට XM භාගික පිප් මිලකරණයද ලබා දෙයි. ඉලක්කම් 4 කැඳවුම් මිලවලට අමතරව 5 වන ඉලක්කමක් (භාගය) එකතු කිරීම තුළින් සේවාදායකයින්ට කුඩාම මිල සංචලනයෙන් පවා වාසි ලබා ගත හැකිය.

භාගික (fractional) පිප් මිලකරණය සමග ඔබට වඩාත් තදින් බැඳුණු ස්ප්‍රෙඩ් සමග වෙළඳාම් කළ හැකි අතර ලබා ගත හැකි වඩාත්ම නිවැරදි මිල කැඳවීමෙන් ප්‍රයෝජන ගත හැකිය.

XM ස්ප්‍රෙඩ් / තත්ත්වයන්

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.