ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

වටිනා ලෝහ - ස්ප්‍රෙඩ්/තත්ත්වයන්

ලෝහ (spot metals) මූල්‍ය උපකරණ

සංකේතය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (පිප්) Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
SILVER 4.3 -5.71 1.65 oz 5,000 0 MT4/MT5
GOLD 3.7 -44.88 19.67 oz 100 0 MT4/MT5
සංකේතය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (පිප්) Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
SILVERmicro 4.3 -5.71 1.65 oz 50 0 MT4/MT5
GOLDmicro 3.7 -44.88 19.67 oz 1 0 MT4/MT5
සංකේතය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (පිප්) Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
GOLD# 1.9 0 0 oz 100 0 MT4/MT5
SILVER# 2 0 0 oz 5,000 0 MT4/MT5
සංකේතය මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (පිප්) Long ස්වැප් අගය
(පොයින්ට්)**
Short ස්වැප් අගය
(පොයින්ට්)**
ලොට් 1ක වටිනාකම Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
GOLDm# 1.9 0 0 oz 1 0 MT4/MT5
SILVERm# 2 0 0 oz 50 0 MT4/MT5

රත්‍රං සහ රිදී සඳහා මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * වෙළඳපොළ මිල / ලෙවරේජය.

සියලුම ගිණුම් වර්ග සඳහා, රිදී සඳහා ලෙවරේජය 400:1 දක්වා සීමා කර ඇත.

* වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

** ඔබ ඊළඟ වෙළඳ දිනයට open position එකක් තබන්නේ නම් මුදල් යුගළයේ මුදල් ඒකක දෙකෙහි පොලී අනුපාතයේ වෙනස මත පදනම්ව ගණනය කරන ලද කිසියම් මුදලක් ඔබ විසින් ගෙවීම හෝ ඔබට ලැබීම සිදු වෙයි. මෙම ක්‍රියාකාරීත්වය "ස්වැප්" ලෙස හැඳින්වේ. වෙළඳ ටර්මිනලයෙහිදී "ස්වැප්" ස්වයංක්‍රීයව තැන්පත් මුදල් ඒකකයට පරිවර්තනය වේ. මෙම ක්‍රියාකාරීත්වය මෙහෙයවනු ලබන්නේ 00.00ට (GMT+2 කාල කලාපය, DST අදාළ විය හැකි බව කරුණාවෙන් සලකන්න) වන අතර මිනිත්තු කිහිපයක් මේ සඳහා ගත විය හැකිය. බදාදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින තුනක් සඳහා ස්වැප් අය කරනු ලැබේ.

රත්‍රං සහ රිදී වෙළඳ හෝරා
(GMT+2 කාල කලාපය, DST අදාළ විය හැකි බව කාරුණිකව සලකන්න)

සඳුදා – බ්‍රහස්පතින්දා: 01:05 – 23:55
සිකුරාදා: 01:05 – 23:50

වෙනත් ලෝහ

සංකේතය විස්තරය අවම මිල උච්චාවචනයේ වටිනාකම මේ ප්‍රමාණය දක්වා අවම ස්ප්‍රෙඩ් (quote currency) ලොට් 1ක වටිනාකම අවම/උපරිම වෙළඳ ප්‍රමාණය මාජින් ප්‍රතිශතය Limit සහ Stop Levels* වෙළඳ වේදිකාව
PALL Palladium USD 0.1 10.01 10 Troy ounces 1/45 4.5% 0 MT4/MT5
PLAT Platinum USD 0.1 4.25 10 Troy ounces 1/100 4.5% 0 MT4/MT5

* වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය, එසේම ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

සංකේතය විස්තරය සේවාදායකයේ වේලාව සතියේ දිනය සඳුදා ආරම්භය සිකුරාදා අවසන් කිරීම
PALL Palladium GMT +3 01:05 - 23:55 01:05 23:10
PLAT Platinum GMT +3 01:05 - 23:55 01:05 23:10

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

විස්තරය සංකේතය පවත්නා ගිවිසුම ආරම්භක දිනය* වැසීම් පමණක් සිදු කළ හැකි දිනය* කල් ඉකුත් වන දිනය ගිවිසුම්ගත මාස ගිවිසුම කල් ඉකුත් වීම්**
Palladium PALL Jun 2024-02-22 2024-05-23 2024-05-24 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
Platinum PLAT Jul 2024-03-21 2024-06-21 2024-06-22 JAN, APR, JUL, OCT ගිවිසුම කල් ඉකුත් වීම්**

*අපි සැබෑ දිනයට සමීප වීමත් සමග වැසීම පමණක් සිදු කළ හැකි සහ කල් ඉකුත් වන දින වෙනස් විය හැකිය. මෙයට හේතුව වන්නේ ඉදිරි ගනුදෙනු ගිවිසුම්වල කල් පිරීම දීර්ඝ කිරීම පාලනය කරන අපගේ ද්‍රවශීලතා සපයන්නන් විසින් සකසා ඇති නීති රීති වන අතර එය සක්‍රිය සහ ඊළඟට කල් ඉකුත් වීමට නියමිත ගිවිසුම් යන දෙකෙහිම ද්‍රවශීලතාව මත පදනම් වේ. පෙර ගිවිසුමේ කල් ඉකුත් වන දිනය වන්නේ නව උපකරණයේ ආරම්භක දිනයට පසු ව්‍යාපාරික දිනයයි.

**කල් ඉකුත් වීමේ දිනය සෑම මසකම වෙනස් වන අතර එය අපගේ ද්‍රවශිලතා සපයන්නන්ගේ කාලසටහන සහ ගිවිසුම්වල ද්‍රවශීලතාව මත පදනම් වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

රත්‍රං වෙළඳාම සහ වටිනා ලෝහ වෙළඳපොළ

බොර තෙල්, තඹ හෝ ඛනිජ තෙල් සමගින් රත්‍රං වෙළඳාම සහ අනෙකුත් වටිනා ලෝහ යනු වෙළඳ භාණ්ඩ වෙළඳපොළෙහි ප්‍රධාන භූමිකාවක් රඟ දක්වන දෘඪ වෙළඳ භාණ්ඩ වන අතර ඒවා ගිවිසුම් මත පදනම් වූ වෙළඳාම් කළ හැකි භාණ්ඩ වේ. වටිනා ලෝහ මත පදනම් වූ ගිවිසුම්වලට ඉදිරි ගනුදෙනු (futures), වත්මන් මිල ගණන්, forwards සහ option ඇතුළත් වේ.

ඉදිරි ගනුදෙනු ගිවිසුම් සාකච්ඡා කිරීමට ඉඩ සලසන අතරමැදියා වන්නේ ඉදිරි ගනුදෙනු හුවමාරුව හෝ භාණ්ඩ වෙළඳපොළයි. ලොව පුරා සිටින ආයෝජකයින්ට ප්‍රධාන වෙළඳපොළවල් 50කට පමණ ප්‍රවේශ විය හැකි අතර ඒවායේ ඉහළ ආර්ථික වටිනාකම සහ කල් පැවැත්ම හේතුවෙන් රන්, රීදී, ප්ලැටිනම් සහ පැලේඩියම් වැනි වටිනා ලෝහ ප්‍රමුඛව වෙළඳාම් කළ හැකි වත්කම් ලෙස පවතී. ආසියාව ලොව විශාලතම වටිනා ලෝහ වෙළඳපොළ (චීනය, ඉන්දියාව සහ සිංගප්පූරුව මෙම භාණ්ඩවල ඉහළම පාරිභෝගිකයින් වේ) වන අතර භාණ්ඩ වෙළඳපොළේ ආධිපත්‍ය දරනු ලබන්නේ කැනඩාව සහ ජර්මනිය පදනම් කරගත් විශාලතම වටිනා ලෝහ සමාගම් සමග යුරෝපීය සහ ඇමරිකානු සංස්ථා විසිනි.

මුදල් සහ කොටස් දර්ශකවලට අමතරව රත්‍රං සහ අනෙකුත් වටිනා ලෝහ සක්‍රියව වෙළඳාම් කෙරෙන ඉදිරි ගනුදෙනු හුවමාරු වෙළඳපොළ සති අන්තවල හැර දවසේ පැය 24 පුරාම පවතී. සාමාන්‍යයෙන්, වටිනා ලෝහ ප්‍රධාන ආකාර දෙකකින් මිලදී ගනු ලැබේ. ඒ ස්ථානීය ගිවිසුම් සහ අනාගත ගිවිසුම් මතය. ස්ථානීය ගිවිසුම්වලට අදාළ දිනයේදීම (සාමාන්‍යයෙන් වෙළඳ දිනයෙන් පසුව ව්‍යාපාරික දින දෙකක්) ගෙවීම සහ බෙදා හැරීම සඳහා මෙම භාණ්ඩ භෞතිකව මිලදී ගැනීම හෝ විකිණීම ඇතුළත් වන අතර ඉදිරි ගනුදෙනු ගිවිසුම් යනු ප්‍රමිතිගත ගිවිසුම් වන අතර අනාගතයේ පසු දිනකදී (බෙදා හැරීමේ දිනය ලෙස හැඳින්වේ) බෙදා හැරීම සහ ගෙවීම සමග එකඟ වූ මිලකට (ඉදිරි ගනුදෙනු මිල ලෙස හැඳින්වේ) නිශ්චිත ප්‍රමාණයකින් සහ ගුණාත්මකභාවයකින් වටිනා ලෝහ මිලදී ගැනීමට හෝ විකිණීමට පාර්ශව දෙකක් විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ගිවිසුම් වේ. වෙළඳාම් කරන ලද භාණ්ඩවල සැබෑ භෞතික අයිතිය නොමැතිව, ඉදිරි ගනුදෙනු විකිණීම සහ මිලදී ගැනීම මාර්ගගත වෙළඳාම හරහා සිදුවේ.

රත්‍රං සහ වටිනා ලෝහ වෙළඳාම

බහුලව වෙළඳාම් කෙරෙන වටිනා ලෝහ වන්නේ රත්‍රං, ප්ලැටිනම්, පැලේඩියම් සහ රිදී වන අතර ආර්ථික තත්ත්වයන් නොතකා මෙම භාණ්ඩවල ඉහළ වෙළඳ පරිමාව ඒවායේ රඳවා තබා ඇති සහජ වටිනාකමට හේතු වේ. මාර්ගගත මිලදී ගැනීම සඳහා ඇති කැමැත්ත මෙන්ම දිගු කාලීන ආයෝජනයක් ලෙස වටිනා ලෝහවල භෞතික හිමිකාරීත්වය පවා මෑත දශක කිහිපය තුළ විශාල වශයෙන් වැඩිවී තිබේ. ව්‍යුත්පන්නයන් සහ හුවමාරු වෙළඳාම් ගිවිසුම් අඩු ප්‍රාග්ධන තීව්‍රතාවක් ගැනීම සහ ඔවුන්ගේ මිල චලනයන් මත position එකක් ගැනීමට සරල ක්‍රමයක් බැවින් කෙටි කාලීන ආයෝජන සඳහා උනන්දුවක් දක්වන අයටද වටිනා ලෝහ වෙළඳාම අවස්ථා ලබා දෙයි.

ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සහ පරිභෝජන මට්ටම මත රඳා පවතින බොහෝ භාණ්ඩවලට සාපේක්ෂව, උදාහරණයක් වශයෙන් රත්‍රං වෙළඳ මිල එසේ නොවේ. ඒවා දේශපාලන වෙනස්කම්වල ස්පන්දනයන් අනුගමනය කරන අතර අවිනිශ්චිත කාලවලදී අනෙකුත් වෙළඳපොලවලට එරෙහිව ආරක්ෂණයක් ලෙස ක්‍රියා කිරීමට රත්‍රංවලට හැකියාවක් පවතී. රත්‍රං සමගම පැලේඩියම් සහ රිදීද වටිනා වත්කම් වන අතර මූල්‍යමය අවිනිශ්චිත කාලවලදී ඒවා වටිනාකම් සම්භාරයන් ලෙස සලකන ආයෝජකයින් විසින් වෙළඳාම් කරනු ලැබේ.

මිල උච්චාවචනය සහ වටිනා ලෝහ වෙළඳපොළේ වාෂ්පශීලතාව ඇති කිරීමට බලපාන සාධක කිහිපයක් පවතී. වඩාත්ම වැදගත් සාධකයක් වන්නේ ගෝලීය මූල්‍ය ආයතන වන අතර ඒ්වායේ ආයෝජන සමපේක්ෂණ ස්වභාවයක් ගන්නා අතර මිල ඉහළ හෝ පහළ යාමට හේතු විය හැකිය. වෙළඳපොළට බලපාන තවත් සාධකයක් වන්නේ ස්වර්ණාභරණ ගැනුම්කරුවන් විසින් ප්‍රධාන වශයෙන් පූරනය වන අවසාන පරිශීලක ප්‍රවණතායි: ස්වර්ණාභරණ සඳහා ඇති ඉල්ලුම වටිනා ලෝහ වෙළඳපොළවල මිල ඉහළයාමට හේතු වේ. වෙළඳපොළ මිල කෙරෙහි ආර්ථිකයද බලපායි. ගෝලීය වශයෙන් හොඳින් ක්‍රියාත්මක වන ආර්ථිකයක් තුළ ධනයේ මට්ටම රත්‍රං සහ අනෙකුත් වටිනා ලෝහ ආභරණ සඳහා ඇති ඉල්ලුමට ඍජුවම සම්බන්ධ වේ. ආයෝජකයින් වැඩි අවදානමක් ඇති ආයෝජන විකල්ප සොයන විට, ඇතැම් වටිනා ලෝහවල මිල පහත වැටෙන අතර අනෙක් ඒවායේ මිල ඉහළ යයි. අවසාන වශයෙන්, වටිනා ලෝහ හැර, වෙනත් මූල්‍ය වත්කම් සඳහා ඇති ඉල්ලුමේ වෙනස්වීම් ද මිල උච්චාවචනයන්ට දායක වේ.

රත්‍රං වෙළඳාම සහ වටිනා ලෝහ පිළිබඳ ඓතිහාසික දළ විශ්ලේෂණය

විශේෂයෙන් වටිනා ලෝහ සහ රත්‍රං සෑම විටම ධනවත් බවේ සංකේතය වේ. භාණ්ඩ හුවමාරුවේදී රත්‍රං භාවිත කළ අවස්ථා පැවති ප්‍රාග් ඓතිහාසික කාලවල සහ කාසි හෝ බාර් වශයෙන් පැවති සියවස් ගණනාවක් පුරාවට ද රත්‍රං, වටිනා සහ බොහෝ ලෙස සොයන්නා වූ වත්කමක් විය. පළමු රන් කාසි ක්‍රි.පූ. 600 දී නිකුත් කෙරුණු අතර මුදල් හුවමාරුව (රත්‍රං ප්‍රමිතිය) සඳහා එහි භාවිතය 1930 ගණන් දක්වා පැවතිණි. අධි විද්‍යුත් සන්නායක් සහ සුමට ලෝහයක් ලෙස රත්‍රං අනෙකුත් මූල ද්‍රව්‍යවලට ප්‍රතික්‍රියාශීලී නොවන අතර එය ස්වර්ණාභරණ, වාණිජ රසායන විද්‍යාව සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට වෛද්‍ය විද්‍යාව දක්වා කර්මාන්ත කිහිපයකම භාවිත වේ. වෙළඳ භාණ්ඩ මුදල් ලෙස රත්‍රං 1976න් පසු ආඥාප්ති ව්‍යවහාර (fiat) මුදල් ක්‍රමය මගින් ප්‍රතිස්ථාපනය කරන ලද නමුත් එය අද දක්වා ශක්තිමත් ආයෝජන වත්කමක් ලෙස පවතී.

රත්‍රං සමගම, වසර හාරදහසකට අධික කාලයක් රීදී ද 19 වන සියවස දක්වා පැවති රිදී සම්මතය සමගින් මුදල් හුවමාරු සඳහා භාවිත කර ඇත. කාර්මික, වාණිජ සහ පාරිභෝගික ඉල්ලුම විසින් රිදී, ආයෝජනය කිරීම සඳහා ශක්තිමත් වත්කමක් බවට පත් කර ඇති අතර ලෝකයේ විවිධ හුවමාරු වෙළඳපොළවල රිදී ඉදිරි ගනුදෙනු වැනි ව්‍යුත්පන්නයන් වෙළඳාම් කරනු ලැබේ. මාර්ගගත වෙළඳාම පැමිණීමත් සමග, රිදී හුවමාරු වෙළඳාම්, නිෂ්පාදන ආයෝජකයින්ට රිදීවල මිලට නිරාවරණය වීමට සහ දිගු කාලීනව ආයෝජනය කිරීමට පහසු මාර්ගයක් වී ඇත.

පුරාණ ශිෂ්ටාචාරවල සිට ආයෝජන වත්කම් ලෙස පවතින රත්‍රං වෙළඳාම සහ රිදී වෙළඳාමට සාපේක්ෂව, ප්ලැටිනම් සහ පැලේඩියම් සඳහා මූල්‍ය අංශයේ පවතිනුයේ කෙටි ඉතිහාසයකි. කෙසේ වෙතත්, කාර්මික ප්‍රදේශ කිහිපයක ඒවායේ භාවිතයන්ද සමගින්, ඒවායේ හිඟකම සහ ඔවුන්ගේ වාර්ෂික පතල් නිෂ්පාදනයේ ප්‍රමාණය හේතුවෙන්, ඇතැම් විට ඒවා රත්‍රංවලට වඩා වැඩි මිලකට විකිණීමට නැඹුරු වේ. රත්‍රංවලට වඩා 10 ගුණයක් දුර්ලභ ප්ලැටිනම් ධනයට සම්බන්ධිත අතර පූර්ව කොලොම්බියානු ශිෂ්ටාචාරයේ දී සුදු රත්‍රං-ප්ලැටිනම් මිශ්‍ර ලෝහ භාවිත කරන ලදි. යුරෝපයේ ප්ලැටිනම් පිළිබඳ පළමු සඳහන 16 වන සියවසේදී සිදු කරන ලද අතර 18 වන සියවසේ සිට එය ස්වර්ණාභරණ, මෝටර් සහ රසායනික කර්මාන්ත, දන්ත වෛද්‍ය විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාවේ පවා භාවිත කර ඇත.

ප්ලැටිනම්වලට සමානව පැලේඩියම් ද තාක්ෂණයේ අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටු කරයි. 19 වන සියවසේ යුරෝපයේ දී එය සොයා ගැනීමෙන් අනතුරුව පැලේඩියම් සඳහා වන ගෝලීය ඉල්ලුම බොහෝ දුරට වැඩි වී ඇත. වැඩි වශයෙන් මෝටර් රථ කර්මාන්තයේ භාවිත කෙරුනද, වෛද්‍ය විද්‍යාව, විදුලි කර්මාන්තය, ස්වර්ණාභරණ සහ ආයෝජන වත්කමක් ලෙසද බහුලව භාවිත වේ. සැපයුම සහ ඉල්ලුම (එනම් වෙළඳපොළෙහි මිල තීරණය) හේතුවෙන් තිරසාර ආර්ථික ස්ථායිතා කාලවලදී ප්ලැටිනම් සහ පැලේඩියම්හි මිල රත්‍රංවලට සමාන හෝ ඊටත් වඩා වැඩි විය හැකි අතර, ආර්ථික අස්ථාවර කාලවලදී ආයෝජනය කිරීමට වඩා ස්ථායී ලෝහය බවට රත්‍රං පත් කරමින් ඒවායෙහි මිල රත්‍රං මිලට වඩා පහත වැටිය හැකිය.

වර්තමාන රත්‍රං සහ වටිනා ලෝහ වෙළඳාම

වටිනා ලෝහ යනු 1970 ගණන්වල සිට වෙළඳාම් කිරීම සඳහා වඩාත් ජනප්‍රිය දෘඪ වෙළඳ භාණ්ඩ වේ. මුදල් හුවමාරු (ෆොරෙක්ස්) වෙළඳාමට අමතරව, උද්ධමනය හෝ ආර්ථික/දේශපාලනික අවිනිශ්චිතතා කාලවලදී රත්‍රං සහ අනෙකුත් වටිනා ලෝහවල දිගු කාලීන ආයෝජනය පෝට්ෆෝලියෝ අවදානම් කළමනාකරණයේ ලොව පුරා ප්‍රචලිත ක්‍රමයකි.

ඉදිරි ගනුදෙනු ගිවිසුම් යනු ව්‍යුත්පන්න ගිවිසුම් වේ. එනම් ඒවායේ වටිනාකම පාදක වු වත්කම්වල ක්‍රියාකාරීත්වයෙන් ලබා ගනියි. වටිනා ලෝහ ඉදිරි ගනුදෙනුවල ආයෝජනය කිරීමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ අවදානම අවම කිරීමයි. අනාගත ගනුදෙනු සඳහා කල්තියා මිල හෝ අනුපාත නියම කිරීමට ගිවිසුමේ ගැනුම්කරුට හෝ විකුණුම්කරුට ඇති හැකියාව අනුව, වැඩි අලාභයන් ඇති කළ හැකි දරුණු හෝ හදිසි මිල චලනයන්ට එරෙහිව ඔවුන් දෙදෙනාටම සහතික විය හැකිය.

වටිනා ලෝහ දෙපැත්තටම වෙළඳාම් කළ හැකිය. වෙළඳපොළ ඉහළට ගමන් කිරීමට අපේක්ෂා කරන්නේ නම් (bullish ප්‍රවණතාව) ඉදිරි ගනුදෙනු ගිවිසුමක් මිලදී ගැනීමෙන් (going long) වෙළඳාම්වලට ඇතුළු විය හැකි අතර එය විකිණීමෙන් වෙළඳාමෙන් ඉවත් විය හැකිය. පහතට ගමන් කිරීමට (bearish ප්‍රවණතාව) අපේක්ෂා කරන්නේ නම් ඉදිරි ගනුදෙනු ගිවිසුමක් විකිණීමෙන් (going short) වෙළඳාමට අවතීර්ණ විය හැකි අතර ගිවිසුමක් මිලඳී ගැනීමෙන් වෙළඳාමෙන් ඉවත් විය හැකිය. විවිධ ඇතුළත්වීම් සහ ඉවත්වීම් සමගින් ඉදිරි ගනුදෙනු ගිවිසුම් කිහිපයක් වෙළදාම් කිරීමටද හැකියාව ලබා දී ඇත. එනම් විවිධ මිල ගණන් යටතේ ගිවිසුම්වලට ඇතුළු වීම සහ එක් මිලකට ඉවත් වීම හෝ එහි අනෙක් ආකාරයෙනි. දෙපැත්තටම වෙළඳාම් කිරීමේ හැකියාව ආයෝජකයින්ට ඉහළ හෝ පහළ වෙළඳපොළ චලනයන් නොසලකා ලාභ ලබා ගැනීමට ඉඩ සලසයි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.