වෙළඳ වේදිකා

ෆොරෙක්ස්, කොටස් මත CFD, ලෝහ සහ තවත් බොහෝ දේ වෙළඳාම් කරන්න

අපගේ XM යෙදුමෙන් ඕනෑම ස්ථානයක සිට, ඕනෑම වේලාවක ට්‍රේඩ් කරන්න

XMApp App Store XMApp Play Store

නව XM යෙදුම පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට, මෙහි ක්ලික් කරන්න.

MetaTrader 4

වේගවත් සහ වැඩි දියුණු කළ XM MT4

සිතෙහි රැඳි වෙළඳාම් ක්‍රියාත්මක කිරීමේ ගුණාත්මකභාවය සහිත MT4 වෙළඳ වේදිකාවක් පිරිනැමීමට XM පුරෝගාමී විය. නැවත මිල කැඳවීම් නොමැති, වෙළඳ ඇණවුම්වල ප්‍රතික්ෂේප වීම් නොමැති සහ 1:1 සිට 1000:1 දක්වා නම්‍යශීලී ලෙවරේජ් සහිත, MT4 මත වෙළඳාම් කරන්න.

  • වේදිකා 9ක් සඳහා එක් පිවිසුම් ප්‍රවේශයක් පැවතීම
  • මයික්‍රො ලොට් ගිණුම් පැවතීම (විකල්පයකි)
  • පිප් 0.6ක් තරම් අවම ස්ප්‍රෙඩ් පැවතීම
  • 1000කට අධික උපකරණ ප්‍රමාණයක් වෙළඳාම් කිරීම

MetaTrader 5

XM MT5 - එක් වෙළඳ වේදිකාවක් සමගින් වත්කම් පන්ති 9ක්

එය පරිපූර්ණ බහු වත්කම් වෙළඳ වේදිකාව බවට පත් කරමින් XM MT4 වෙතින් ලබා දීමට ඇති සියලු පුරෝගාමි ලක්ෂණ XM MT5 වෙතින් ලබා දෙයි. වෙළඳ ඇණවුම්වල ප්‍රතික්ෂේප වීම් නොමැති, නැවත මිල කැඳවීම් නොමැති සහ 1:1 සිට 1000:1 දක්වා වන නම්‍යශීලී ලෙවරේජ් සහිත එක් වෙළඳ වේදිකාවක් මගින් ෆොරෙක්ස්, රත්‍රං, තෙල් සහ කොටස් දර්ශක වෙළඳාම් කරන්න.

  • වේදිකා 8ක් සඳහා එක් පිවිසුම් ප්‍රවේශයක් පැවතීම
  • 80කට අධික විශ්ලේෂණාත්මක වස්තූන්
  • නවතම මිල කැඳවීම්වල වෙළඳපොළ ගැඹුර
  • කොටස් දර්ශක, ෆොරෙක්ස්, වටිනා ලෝහ, සහ බලශක්ති ඇතුළු 1000කට අධික උපකරණ

අවදානම් අනතුරු ඇඟවීම: ෆොරෙක්ස් සහ CFD වෙළඳාමේදී අලාභ සිදු වීමේ ඉහළ අවදානමක් ඇත. කොන්දේසි අදාළ වේ

නිතර යොමු වන ගැටලු

ෆොරෙක්ස් වෙළඳ වේදිකාවක් යනු කුමක්ද?

ෆොරෙක්ස් වෙළඳ වේදිකාව යනු XM විසින් එහි සේවාදායකයින්ට ඔවුන්ගේ වෙළඳාම් පවත්වා ගෙන යාමට මූලිකව සපයා ඇති මෘදුකාංගයි.

මෙම වර්ග සඳහා XM වෙළඳ වේදිකා (මෘදුකාංග) ලබා ගත හැකිය:

  • 1. භාගත කර ගත හැකි Windows හෝ Mac යෙදවුම්
  • 2. බ්‍රවුසරය මත පදනම් (වෙබ් මත පදනම්) භාගත කර ගත නොහැකි යෙදවුම්
  • 3. ඔබේ ස්මාර්ට් ජංගම දුරකථන සඳහා වන යෙදවුම්

XM එහි සියලු වෙළඳ වේදිකා මත ෆොරෙක්ස් වෙළඳාම (මුදල් වෙළඳාම) ලබා දෙයි. අපගේ සේවාදායකයින්ට ලියාපදිංචි වීමේදී ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන වෙළඳ ගිණුම් සහ වෙළඳ වේදිකා තෝරා ගත හැකිය.

XM ඛාණ්ඩ 2ක වෙළඳ වේදිකා ලබා දෙයි:

  • 1. MT4 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා
  • 2. MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා (එයට XM WebTrader ද ඇතුළත් වෙයි)

XM WebTrader යනු MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකාවල කොටසක් බැවින් සේවාදායකයෙකු MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා වෙත පිවිසීමේදී භාවිත කරන ප්‍රවේශය සහ මුරපදය සමගින් පිවිසිය හැකි බව කාරුණිකව සලකන්න.

මට ඕනෑම XM වෙළඳ වේදිකාවකට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

ඕනෑම XM වෙළඳ වේදිකාවකට ප්‍රවේශය ලබා ගැනීමට ඔබට ඩිමෝ හෝ සැබෑ වෙළඳ ගිණුමක් තිබිය යුතුය. සෑම අනන්‍ය ගිණුමක්ම ඔබ ලියාපදිංචියේදී තෝරා ගත් වෙළඳ වේදිකාවට ප්‍රවේශ වීමට ඉඩ සලසමින් ඔබට පිවිසුම් අංකයක් සපයයි.

ඔබේ අවශ්‍යතා අනුව ඔබට MT4 (ෆොරෙක්ස් වෙළඳ වේදිකාව) හෝ MT5 (බහු වත්කම් වෙළඳ වේදිකාව) තෝරා ගත හැකිය.

බහු වත්කම් වෙළඳ වේදිකාවක් යනු කුමක්ද?

බහු වත්කම් වෙළඳ වේදිකාවක් යනු සේවාදායකයින්ට ෆොරෙක්ස් තුළින් පමණක් නොව කොටස්, කොටස් දර්ශක, ලෝහ හෝ බලශක්ති ඇතුළු වෙනත් වත්කම් පන්ති තුළ වෙළඳාම් කිරීමට ඉඩ සලසන වෙළඳ වේදිකාවකි.

XM සිය සේවාදායකයින්ට MT5 වෙළඳ වේදිකාව මත බහු වත්කම් වෙළඳාම සපයයි.

බහු වත්කම් පන්ති මත වෙළඳාම් කිරීමට අපේක්ෂා කරන සේවාදායකයින් ලියාපදිංචියේදී ඔවුන් තෝරා ගන්නා වෙළඳ වේදිකාව ලෙස MT5 තෝරා ගත යුතුය.

MT5 වෙළඳ වේදිකාව මත ගිණුමක් පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන MT4 මත වෙළඳ ගිණුමක් පවතින දැනට සිටින සේවාදායකයින්ට, XM සාමාජික අවකාශය තුළින් අමතර ගිණුමක් විවෘත කළ හැකි අතර ඔවුන්ගේ අමතර ගිණුමේ තෝරා ගන්නා වෙළඳ වේදිකාව ලෙස MT5 තෝරා ගත හැකිය.

මම තෝරා ගත යුත්තේ කුමන වෙළඳ වේදිකාවද?

කුමන වෙළඳ වේදිකාව තෝරා ගත යුතුද යන තීරණය පැහැදිලිවම රඳාපවතින්නේ සේවාදායකයෙකු වෙළඳාම් කිරීමට කැමැත්ත දක්වන්නේ කුමකටද යන්න මතය. XM හිදී සේවාදායකයින්ට MT4 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා හෝ MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා තෝරා ගැනීමට හැකියාව පවතී.

බහු වත්කම් පන්තිවල වෙළඳාම් කිරීමට නිදහස අවශ්‍ය කරන සේවාදායකයින්ට XM WebTrader වෙතද ප්‍රවේශය ලබා දෙන MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා තෝරා ගැනීමට නිර්දේශ කරනු ලැබේ.

MT4 වෙළඳ වේදිකාව සහ MT5 වෙළඳ වේදිකාව අතර ඇති වෙනස කුමක්ද?

MT4 සහ MT5 අතර පවතින මූලික වෙනස වන්නේ MT4 යනු ප්‍රධාන වශයෙන් ෆොරෙක්ස් වෙළඳ වේදිකාවක් වන අතර MT5 බහු වත්කම් වෙළඳ වේදිකාවක් වීමයි. මින් අදහස් වන්නේ MT5 ෆොරෙක්ස් පමණක් නොව කොටස්, කොටස් දර්ශක, ලෝහ සහ බලශක්ති වෙළඳාම සපයනු ලබන බවයි.

මට මගේ අභිමතය පරිදි වෙළඳ වේදිකාවේ මුදල් තැන්පත් කළ හැක්කේ කෙසේද?

ඔබ වෙළඳාම් කරන වෙළඳ වේදිකාවට මුදල් තැන්පත් කිරීම සඳහා ඔබ පළමුවෙන්ම සැබෑ වෙළඳ (live) ගිණුමක් විවෘත කළ යුතුය.

ඔබේ සැබෑ වෙළඳ ගිණුම ඔබට ඔබේ වෙළඳ ගිණුමට මුදල් තැන්පත් කිරීමට සහ එයින් මුදල් ආපසු ගැනීමට ඉඩ සලසන XM සාමාජික අවකාශයට ප්‍රවේශය ලබා දෙයි.

ඕනෑම මුදල් තැන්පත් කිරීමක් සහ මුදල් ආපසු ගැනීමක් මෙන්ම ඔබේ ගිණුමේ සැකසුම්වල සිදු කරන වෙනස්කම් සිදු වන්නේ XM සාමාජික අවකාශය හරහායි. ඔබේ පෞද්ගලික සාමාජික අවකාශයේ මෙම ක්‍රියා සිදු වන අතරතුර ලබා දී ඇති තිරයේ උපදෙස්වලට අනුව සියල්ල ඔබේ වෙළඳ වේදිකාවේ පිළිබිඹු වේ.

මට මගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් වෙළඳාම් කළ හැකිද?

ඔව්, ඔබට එසේ සිදු කළ හැකිය. XM එහි සියලුම වෙළඳ වේදිකා සඳහා ජංගම වෙළඳාම සපයන අතර අපගේ සේවාදායකයින්ට Apple සහ Android උපාංග සඳහා, ඔවුන්ගේ වෙළඳ වේදිකාවට උචිත යෙදවුම භාගත කළ හැකිය.

ජංගම වෙළඳ වේදිකාවලට ප්‍රවේශ වන ආකාරය පිළිබඳ උපදෙස් XM වෙබ් අඩවියේ අදාළ ජංගම වෙළඳ වේදිකාවට අයත් පිටුවෙන් ලබා ගත හැකිය.

මට මගේ දුරකථනයෙන් මගේ වෙළඳ වේදිකාවට මුදල් තැන්පත් කිරීම හෝ එයින් මුදල් ආපසු ගැනීම සිදු කළ හැකිද?

ඔව්, ඔබට එසේ සිදු කළ හැකිය. XM හිදී මුදල් තැන්පත් කිරීම් සහ මුදල් ආපසු ගැනීම් ක්‍රියාත්මක කරනු ලබන්නේ සෑම ජංගම උපාංගයකම සම්පූර්ණයෙන් ක්‍රියාකාරී සහ ජංගම උපාංගයකින් වෙළඳාම් කිරීම පාදක කරගෙන නිර්මාණය කර ඇති XM සාමාජික අවකාශයෙනි.

සියලු වෙළඳ වේදිකාවලට එකම පිවිසුමකින්/මුරපදයකින් ප්‍රවේශ විය හැකිද?

නැත, එසේ සිදු කළ නොහැකිය. MT4 ඛාණ්ඩයේ සියලු වෙළඳ වේදිකාවලට එකම පිවිසුමකින් සහ මුරපදයකින් ප්‍රවේශ විය හැකි අතර MT5 ඛාණ්ඩයේ සියලු වෙළඳ වේදිකාවලට එකම පිවිසුමකින් සහ මුරපදයකින් ප්‍රවේශ විය හැකිය.

XM ඛාණ්ඩ 2ක වෙළඳ වේදිකා ලබා දෙයි:

  • 1. MT4 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා
  • 2. MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා (එයට XM WebTrader ද ඇතුළත් වෙයි)

XM WebTrader යනු MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකාවල කොටසක් බැවින් සේවාදායකයෙකු MT5 ඛාණ්ඩයේ වෙළඳ වේදිකා වෙත පිවිසීමේදී භාවිත කරන ප්‍රවේශය සහ මුරපදය සමගින් පිවිසිය හැකි බව කාරුණිකව සලකන්න.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.