MQL5 වෙළඳ සංඥා

ගෝලීය ප්‍රජාව සමග සම්බන්ධ වන්න

මාසයක් පුරාවට කාර්යය සාධනය සත්‍යාපනය කර ඇති සැපයුම්කරුවන්ගෙන් දැවැන්ත වෙළඳ සංඥා සමූහයකට MQL5 ප්‍රජාව නිවහන වේ. MQL5 සපයනු ලබන්නේ MetaTrader හි නිර්මාතෘවරුන් විසින් වන බැවින් XM MT4 සහ MT5 වෙළඳ වේදිකා මගින්ද ඔබට MQL5 වෙත ප්‍රවේශ විය හැකිය.

MQL5 සංඥා සඳහා ඉල්ලීම් කරන්න

XM සමග MQL5 සංඥා භාවිතයෙන් වෙළඳාම් කිරීමේ වාසි

  • සේවාව දැනටමත් සකසා ඇති බැවින් ස්ථාපනය කිරීමක් අවශ්‍ය නොවේ
  • තෝරා ගැනීමට සංඥා සපයන්නන් විශාල ප්‍රමාණයක් පැවතීම
  • සැකසීමට සහ භාවිතයට පහසු වීම
  • වෙළඳාම් ස්වයංක්‍රීයව කොපි වන බැවින් වෙළඳාම් කරන තැනැත්තාගේ මැදිහත්වීමක් අවශ්‍ය නොකෙරේ
  • Expert Advisors සමග සම්බන්ධව භාවිත කළ හැකිය
  • නව පරම්පරාවේ cloud නිර්මාණ ශිල්පය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය ගෝලීය මට්ටමකින් අවම කරයි

MQL5 වෙළඳ සංඥා ලබා ගන්නේ කෙසේද?

පියවර 1

ප්‍රජා (community) ගිණුමක් සඳහා ලියාපදිංචි වීමට MQL5.com වෙත පිවිසෙන්න

පියවර 2

(විකල්පයකි) කිසියම් ගෙවීම් නිෂ්පාදනයක් මිලදී ගැනීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් ඔබේ MQL5 ගිණුමට මුදලක් තැන්පත් කරන්න

පියවර 3

XM MT4/MT5 වේදිකාව දියත් කර Toolbox වින්ඩෝවෙහි ඇති "Market" ටැබය ක්ලික් කර MQL5 වෙළඳපොළට ප්‍රවේශ වන්න

පියවර 4

ප්‍රධාන මෙනුවෙහි "Tools" වෙත ගොස් "Options" යන්න තෝරා "Community" ටැබය ක්ලික් කර XM MT4/MT5 ටර්මිනලයේ ඔබේ ලියාපදිංචි විස්තර ඇතුළත් කරන්න

පියවර 5

ලබා දී ඇති අති විශාල විකල්ප සංඛ්‍යාව නැරඹීමට "Terminal" කොටසින් "Signals" ටැබය ක්ලික් කරන්න

පියවර 6

වඩාත් සවිස්තරාත්මක තොරතුරු නැරඹීමට ඕනෑම සංඥාවක් මත ඩබල් ක්ලික් කරන්න

පියවර 7

සංඥාවකට සබ්ස්ක්‍රයිබ් වීමට "Terminal" කොටසේ ඉහළින් ඇති "Subscribe" බටනය ක්ලික් කරන්න

පියවර 8

ඔබ සංඥාවකට සබ්ස්ක්‍රයිබ් වීමේදී අදාළ නියමයන් සහ කොන්දේසි අනුමත කිරීමට ඔබට සිදු වන අතර ආරක්ෂක කාර්යයන් සඳහා ඔබේ මුරපදය නැවත ඇතුළත් කිරීමටද සිදුවේ.

පියවර 9

ඔබ කැමැත්තක් දක්වන වෙළඳ පරාමිතින් සඳහන් කර සංඥා සේවාව ආරම්භ කිරීමට "OK" ක්ලික් කරන්න

ඔබේ සංඥා සබ්ස්ක්‍රයිබ් කර තිබීම නැවත අලුත් කරන්නේ කෙසේද?

පියවර 1

XM MT4/MT5 වේදිකාව දියත් කිරීම

පියවර 2

"Terminal" කොටසේ ඇති "Signals" ටැබය ක්ලික් කරන්න

පියවර 3

ලබා දී ඇති විකල්ප ලැයිස්තුවෙන් ඔබේ සංඥා සපයන්නා තෝරා ඒ මත ඩබල් ක්ලික් කරන්න

පියවර 4

"Terminal" කොටසේ ඉහළින් ඇති "Renew subscription" බටනය ක්ලික් කරන්න

ඔබේ සංඥා සපයන්නා සබ්ස්ක්‍රයිබ් කර තිබීම ඉවත් කරන්නේ කෙසේද?

පියවර 1

XM MT4/MT5 වේදිකාව දියත් කිරීම

පියවර 2

"Terminal" කොටසේ ඇති "Signals" ටැබය ක්ලික් කරන්න

පියවර 3

ලබා දී ඇති විකල්ප ලැයිස්තුවෙන් ඔබේ සංඥා සපයන්නා තෝරා ඒ මත ඩබල් ක්ලික් කරන්න

පියවර 4

"Terminal" කොටසේ ඉහළින් ඇති "Unsubscribe" බටනය ක්ලික් කරන්න

වැදගත් සටහන්

  • වෙළඳ සංඥා සඳහා සබ්ස්ක්‍රයිබ් වීම් වෙත මාසයක පැවතුම් කාලයක් පවතී
  • සෑම වෙළඳ ගිණුමක්ම ඕනෑම වේලාවක සබ්ස්ක්‍රයිබ් කළ හැක්කේ එක් සංඥා සපයන්නෙකුට පමණි
  • MQL5 වෙළඳපොළෙන් කිසියම් මිලදී ගැනීමක් සිදු කිරීමට පෙර පරීක්ෂා කිරීමක් සිදු කරන ලෙස අපි ඔබට නිර්දේශ කරන්නෙමු
  • මිලදී ගැනීමේ ක්‍රියාවලියට සැගවුණු ගාස්තු, කොමිස් හෝ වැඩිකරන ලද ස්ප්‍රෙඩ් ඇතුළත් නොවේ
  • ඔබ සිදු කරන ලද ඕනෑම මිලදී ගැනීමක් පරිගණක 3ක් දක්වා භාවිත කළ හැකිය
  • PayPal, WebMoney, Qiwi, හෝ Credit/Debit Card හරහා ඔබේ MQL5 ගිණුමට මුදල් තැන්පත් කළ හැකිය

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.