Mac සඳහා MetaTrader

වේගවත් සහ වැඩි දියුණු කළ MT4

ලෝක මූල්‍ය වෙළඳපොළවලට ප්‍රවේශය ලබා ගන්න


Mac සඳහා වන MT4 හි ප්‍රධාන ලක්ෂණ

  • Expert advisors සහ අභිරුචි දර්ශක සමග කටයුතු කිරීම
  • එක් ක්ලික් කිරීමක් හරහා සිදු කරන වෙළඳාම
  • 50කට අධික දර්ශක සහ ප්‍රස්තාර මෙවලම් සමග සම්පූර්ණ තාක්ෂණික විශ්ලේෂණය
  • අභ්‍යන්තර තැපැල් පද්ධතිය
  • ඇණවුම් විශාල ප්‍රමාණයක් හැසිරවීම
  • විවිධ අභිරුචි දර්ශක සහ විවිධ කාල සීමාවන් නිර්මාණය කිරීම
  • අතීත දත්ත සමුදා කළමනාකරණය සහ අතීත දත්ත අපනයනය/ආනයනය
  • සම්පූර්ණ දත්ත උපස්ථය (back-up) සහ ආරක්ෂාව සහතික කිරීම
  • MetaTrader 4 සහ MetaQuotes Language 4 සඳහා සංකලිත උපකාරක මාර්ගෝපදේශ

නිතර යොමු වන ගැටලු

MT4 (PC/Mac) මත මම මගේ සේවාදායකය සොයා ගන්නේ කෙසේද?

"File" යන්න ක්ලික් කරන්න ⇾ නව වින්ඩෝවක් විවෘත කරන "Open an account" යන්න ක්ලික් කරන්න, "Trading servers" ⇾ පහළට ස්ක්‍රෝල් කර "Add new broker" හි ඇති + සලකුණ ක්ලික් කරන්න, පසුව "XM" ලෙස ටයිප් කර "Scan" යන්න ක්ලික් කරන්න.

ස්කෑන් කිරීම අවසන් වූ පසු "Cancel" යන්න ක්ලික් කර එම වින්ඩෝව වසන්න.

ඉන් අනතුරුව, ඔබේ සේවාදායකයේ නම එහි තිබේද යන්න දැක ගැනීමට "File" ⇾ "Login to Trading Account" ක්ලික් කර කරුණාකර නැවත පිවිසීමට උත්සාහ කරන්න.

පුරනය විය යුත්තේ කුමන සේවාදායකයටදැයි පරික්ෂා කිරීමට, ඔබේ පිළිගැනීමේ ඊමේල් පණිවිඩයට හෝ සාමාජික අවකාශයේ ඇති මගේ ගිණුම් පිළිබඳ දළ විශ්ලේෂණය වෙත පිවිසෙන්න

මට MT4 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

MT4 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කිරීම ආරම්භ කිරීමට ඔබට MT4 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. ඔබට තිබෙන්නේ MT5 ගිණුමක් නම් MT4 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කළ නොහැකිය. MT4 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT4 වෙත ප්‍රවේශ වීමට මගේ MT5 ගිණුමේ ID භාවිත කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. ඔබට MT4 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT4 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මගේ MT4 ගිණුම සත්‍යාපනය කරගන්නේ කෙසේද?

ඔබ දැනටමත් MT5 ගිණුමක් සමග XM සේවාදායකයෙකු නම්, ඔබට ඔබේ සත්‍යාපනය කිරීමේ ලේඛන නැවත ඉදිරිපත් කිරීමකින් තොරව සාමාජික අවකාශයෙන් අමතර MT4 ගිණුමක් විවෘත කළ හැකිය. කෙසේනමුත්, ඔබ නව සේවාදායකයෙකු නම් අවශ්‍ය සියලු සත්‍යාපනය කිරීමේ ලේඛන (එනම් අනන්‍යතාව සහ පදිංචිය සනාථ කිරීමේ) අප වෙත සැපයිය යුතුය.

මගේ පවතින MT4 වෙළඳ ගිණුමෙන් මට කොටස් CFD වෙළඳාම් කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. කොටස් CFD වෙළඳාම් කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT4 මත වෙළඳාම් කළ හැකි උපකරණ මොනවාද?

MT4 වෙළඳ වේදිකාව මත ඔබට කොටස් දර්ශක, ෆොරෙක්ස්, වටිනා ලෝහ සහ බලශක්ති ඇතුළු XM සතුව ඇති සියලු උපකරණ වෙළඳාම් කළ හැකිය. තනි කොටස් පවතින්නේ MT5 මත පමණි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.