මාජිනය සහ ලෙවරේජ්

ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

1:1 සිට 1000:1 දක්වා නම්‍යශීලී ලෙවරේජ්

XM හිදී සේවාදායකයින්ට එකම මාජින් අවශ්‍යතා සහ 1:1 සිට 1000:1 දක්වා ලෙවරේජ් භාවිතයෙන් වෙළඳාම් කිරීමට නම්‍යතාවක් ඇත.

XM හි මාජින් අවශ්‍යතා සහ ලෙවරේජ් පහත විස්තර කර ඇති පරිදි ඔබේ ගිණුමේ (ගිණුම්වල) පවතින සම්පූර්ණ මුදල මත රඳා පවතියි.

ලෙවරේජය හිමිකම් කියන සම්පූර්ණ මුදල
1:1 සිට 1000:1 දක්වා $5 - $40,000
1:1 සිට 500:1 දක්වා $40,001 - $80,000
1:1 සිට 200:1 දක්වා $80,001 - $200,000
1:1 සිට 100:1 දක්වා $200,001 +

මාජින් පිළිබඳ

මාජින් යනු ඔබේ වෙළඳ ක්‍රියාකාරීත්වයන් වලදී පැන නගින ඕනෑම ණය අවදානමක් ආවරණය කිරීම සඳහා ඇති ඇපකර ප්‍රමාණයයි.

මාජින්, position ප්‍රමාණයේ ප්‍රතිශතය (උදා. 5% හෝ 1%) ලෙස ප්‍රකාශ කෙරෙන අතර ඔබේ වෙළඳ ගිණුමේ මුදල් පැවතීම සඳහා වන එකම සැබෑ හේතුව වන්නේ ප්‍රමාණවත් මාජින් සහතික කිරීමය. නිදසුනක් වශයෙන්, 1%ක මාජින් මත, $1,000,000ක position එකකට $10,000ක තැන්පතුවක් අවශ්‍ය කෙරේ.

ෆොරෙක්ස්, රත්‍රං සහ රිදී සදහා, නව position සඳහා වන මාජින් අවශ්‍යතාව ගිණුමේ free මාජින් හට සමාන වන්නේ නම් හෝ එයට වඩා අඩු නම් නව position විවෘත කළ හැකිය. ඉදිරි රැකුමේදී (hedging), hedged position සඳහා වන මාජින් අවශ්‍යතාව ශුන්‍යය බැවින් මාජින් මට්ටම 100%ක් පහළින් පැවතියද position විවෘත කළ හැකිය.

අනෙකුත් සියලුම උපකරණ සදහා, නව position සඳහා වන මාජින් අවශ්‍යතාව ගිණුමේ free මාජින් හට සමාන වන්නේ නම් හෝ එයට වඩා අඩු නම් නව position විවෘත කළ හැකිය. ඉදිරි රැකුමේදී (hedging), hedged position සඳහා වන මාජින් අවශ්‍යතාව 50%කට සමාන වේ. අවසාන මාජින් අවශ්‍යතා ගිණුමේ ඇති සම්පූර්ණ මුදලට සමාන වන්නේ නම් හෝ එයට වඩා අඩු නම් නව hedged position විවෘත කළ හැකිය.

කොටස් දර්ශකය, තේමාත්මක (Thematic) දර්ශකය සහ මුදල් බලශක්ති (Cash Energy) CFD සඳහා මාජින්

XM හිදී, කොටස් දර්ශකය, තේමාත්මක (Thematic) දර්ශකය සහ මුදල් බලශක්ති CFD හි ලෙවරේජය ස්වයංක්‍රීයව හැඩගැසේ. ඔබට හිමිවන ලෙවරේජය, (i) ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජය සහ (ii) ට්‍රේඩ් කරන CFD සංකේතයේ ලෙවරේජය අතරින් අවම ලෙවරේජය වේ.

මාජින් ගණනය සිදු වන්නේ උපකරණය අනුව යන පදනම මතය. මෙයින් අදහස් වන්නේ ඔබ විවිධ උපකරණ මත වෙළඳාම් විවෘත කරන විට එක් එක් වෙළඳාම සඳහා වෙන වෙනම මාජිනය ගණනය කරන බවයි.

පහතින් ඔබට කොටස් දර්ශකය, තේමාත්මක (Thematic) දර්ශකය සහ මුදල් බලශක්ති CFD සඳහා ගතික මාජිනය ගණනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ උදාහරණ දැක ගත හැකිය. මෙම උදාහරණ විස්තර කිරීමේ කාර්යයන් සඳහා පමණක් වන බවත් වෙළඳ ගණනය කිරීම් සඳහා භාවිත නොකළ යුතු බවත් කරුණාවෙන් සලකන්න.

මාජින් අවශ්‍යතාව = [ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ආරම්භක මිල] / [(ගිණුමේ ලෙවරේජයේ, සංකේතයේ ලෙවරේජයේ) අවමය]

ඉහත සඳහන් සූත්‍රය මගින් දැක්වෙන ආකාරයට position හි ලෙවරේජය වන්නේ ගිණුමේ ලෙවරේජය සහ නිශ්චිත සංකේතයේ ලෙවරේජය අතරින් අවමයයි.

උදාහරණ 1: සේවාදායකයෙකු පාදක මුදල USD සහ 200:1 ගිණුම් ලෙවරේජය සමග USD 34,500ක ආරම්භක මිලකට US30Cash ලොට් 10ක් ට්‍රේඩ් කරයි. එමෙන්ම US30Cash සඳහා සංකේත ලෙවරේජය 500 වේ.

US30Cash position සඳහා අවශ්‍ය මාජිනය (උදාහරණ 1) = (10 * 1 * 34,500) / 200 = $1,725

උදාහරණ 2: සේවාදායකයෙකු පාදක මුදල USD සහ 888:1 ගිණුම් ලෙවරේජය සමග USD 34,500ක ආරම්භක මිලකට US30Cash ලොට් 15ක් ට්‍රේඩ් කරයි. එමෙන්ම US30Cash සඳහා සංකේත ලෙවරේජය 500 වේ.

US30Cash position සඳහා අවශ්‍ය මාජිනය (උදාහරණ 2) = (15 * 1 * 34,500) / 500 = $1,035

ලෙවරේජ් පිළිබඳ

ලෙවරේජ් භාවිත කිරීම යන්නෙන් අදහස් වන්නේ ඔබේ වෙළඳ ගිණුමේ පවතින මුදලට වඩා විශාල position ඔබට වෙළඳාම් කිරීමට හැකියාව පවතින බවයි. ලෙවරේජ් වටිනාකම පෙන්නුම් කරන්නේ අනුපාතයක් වශයෙනි. නිදසුනක් ලෙස 50:1, 100:1, හෝ 500:1 පෙන්වා දිය හැකිය. ඔබේ වෙළඳ ගිණුමේ $1,000ක් තිබෙන්නේ යැයි සහ ඔබ USD/JPY 500,000ක ටිකට් ප්‍රමාණ වෙළඳාම් කරන්නේ යැයි උපකල්පනය කරන්නේ නම්, ඔබේ ලෙවරේජ් 500:1ට සමාන වේ.

ඔබ සතුව ඇති මුදල මෙන් 500 ගුණයක් වෙළඳාම් කිරීමට හැකි වන්නේ කෙසේද? XM හි මාජින් මත වෙළඳාම් කරන විට ඔබට නොමිලේ කෙටි කාලීන ණය දීමනාවක් හිමි වේ. මෙය ඔබේ ගිණුමේ වටිනාකමට වඩා ඉහළ මුදලක් මිලදී ගැනීමට ඔබට ඉඩ සලසයි. මෙම දීමනාව නොමැතිව ඔබට වරකට $1,000ක පමණක් ටිකට් මිලදී ගැනීම හෝ විකිණීම සිදු කළ හැකිය.

XM සෑම විටම සේවාදායකයින්ගේ ගිණුම්වලට සහ/හෝ XM විසින් අවශ්‍ය යැයි සලකනු ලබන සියලුම හෝ ඕනෑම ගිණුමක උත්තෝලන අනුපාතය නිරීක්ෂණය කළ යුතු අතර එහි තනි අභිමතය පරිදි සහ එක් එක් සිද්ධිය අනුව කිසිදු දැනුම්දීමකින් තොරව උත්තෝලන අනුපාතය වෙනස් කිරීමට සහ සංශෝධනය කිරීමට (එනම් උත්තෝලන අනුපාතය අඩු කිරීමට) අයිතිය රඳවා තබා ගනියි.

XM ලෙවරේජ්

ඔබ XM හි විවෘත කරන ගිණුමේ වර්ගය මත ඔබට 1:1 සිට 1000:1 දක්වා වන පරිමාණයක ලෙවරේජ් තෝරා ගත හැකිය. සතිය අතරතුර මාජින් අවශ්‍යතා වෙනස් නොවන අතර රාත්‍රියෙහි හෝ සති අන්තයේ ඒවා පුළුල් වීමක්ද සිදු නොවේ. තවද, XM හිදී තෝරාගත් ලෙවරේජ්හි වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් සඳහා ඉල්ලීම් කිරීමට ඔබට හැකියාවක් පවතී.

ලෙවරේජ් අවදානම

එක් අතකට, ලෙවරේජ් භාවිත කිරීමෙන් සාපේක්ෂව කුඩා ආයෝජනයකින් පවා ඔබට සැලකිය යුතු ලාභයක් ලබා ගත හැකිය. අනෙක් අතට, ඔබ නිසි අවදානම් කළමනාකරණයක් යෙදීමට අපොහොසත් වුවහොත් ඔබේ පාඩු වඩාත් දරුණු විය හැකිය.

ඔබේ අවදානම් මට්ටම තීරණය කිරීමට ඔබට උපකාරී වන ලෙවරේජ් පරාසයක් XM සපයන්නේ එබැවිනි. එසේම, එහි පවත්නා ඉහළ අවදානම හේතුවෙන් 1000:1ක ලෙවරේජයට ආසන්නව වෙළඳාම් කිරීම අපි නිර්දේශ නොකරන්නෙමු.

මාජින් අධීක්ෂණය කිරීම

XM හිදී ඔබේ භාවිත කළ (used) සහ නිදහස් (free) මාජින් අධීක්ෂණය කිරීම මගින් තථ්‍ය කාලීන අවදානම් අනාවරණය පාලනය කළ හැකිය.

Used සහ free මාජින් එක්ව ඔබේ සමකොටස් (equity) නිර්මාණය කරයි. Used මාජින් යනු වෙළඳාම රඳවා ගැනීමට ඔබ තැන්පත් කළ යුතු මුදලයි (උදා. ඔබේ ගිණුමේ ලෙවරේජය 100:1ක් ලෙස ඔබ සකසන්නේ නම්, ඔබ තැබිය යුතු මාජින් වන්නේ ඔබේ වෙළඳ ප්‍රමාණයෙන් (trade size) 1%කි). Free මාජින් යනු ඔබේ ගිණුමේ ඉතිරිව පවතින මුදලයි. එය ඔබේ ගිණුමේ සමකොටස් අනුව උච්චාවචනය වේ. ඔබට එය මගින් අමතර positions විවෘත කිරීම හෝ ඕනෑම පාඩුවක් අවශෝෂණය කිරීම සිදු කළ හැකිය.

මාජින් ඇමතුම (Margin call)

සියලු සේවාදායකයින් ඔවුන්ගේ වෙළඳ ගිණුම්වල ක්‍රියාකාරකම් පිළිබඳ සම්පූර්ණ වගකීම දැරූවද, ඔබට සිදු විය හැකි උපරිම අවදානම ඔබේ ගිණුමේ ඇති සම්පූර්ණ මුදල ඉක්මවා නොයන බව සහතික කිරීමට XM මාජින් ඇමතුම් (margin call) ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ඔබේ open positions පවත්වා ගැනීමට අවශ්‍ය මාජින්හි 50%කට වඩා අඩුවෙන් ඔබේ ගිණුමේ සම්පූර්ණ මුදල පහත වැටුණු සැනින්, open position සඳහා සහාය වීමට ප්‍රමාණවත් සම්පූර්ණ මුදලක් ඔබ සතුව නොමැති බවට අනතුරු අඟවමින් ඔබට මාජින් ඇමතුමක් (margin call) හරහා ඒ පිළිබඳව දැනුම් දීමට අපි උත්සාහ කරන්නෙමු.

Stop-Out මට්ටම

Stop-out මට්ටම යනු ඔබේ open position ස්වයංක්‍රීයව වැසෙන සමකොටස් (equity) මට්ටමයි. වෙළඳ ගිණුමේ සමකොටස් (equity), අවශ්‍ය මාජින් සමග සමාන වන විට හෝ 20%ක ප්‍රතිශතයට වඩා අඩු වන විට සේවාදායකයෙකුගේ ගිණුමක stop-out මට්ටමට ළඟා වේ.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.