iPad සඳහා MT4

වැඩි දියුණු කළ සහ වේගවත් XM MT4

iPad සඳහා වන MetaQuotes විසින් නිර්මාණය කර ඇත

ලෝක මූල්‍ය වෙළඳපොළවලට ප්‍රවේශය ලබා ගන්න


XM iPad MT4 වෙත ප්‍රවේශය ලබා ගන්නේ කෙසේද?

පියවර 1

  • ඔබේ iPad හි App Store විවෘත කර හෝ මෙතනින් යෙදවුම භාගත කර ගන්න
  • සෙවීමට ඇති කොටසෙහි MetaTrader 4 යන්න ඇතුළත් කර App Store හි MetaTrader 4 පිහිටි ස්ථානය සොයන්න
  • ඔබේ iPad තුළ මෘදුකාංගය ස්ථාපනය කිරීමට MetaTrader 4 අයිකනය ක්ලික් කරන්න

පියවර 2

  • දැනට පවතින ගිණුම සමගින් පිවිසීම/ඩිමෝ ගිණුමක් විවෘත කිරීම අතර තේරීමක් සිදු කිරීමට දැන් ඔබව උනන්දු කරනු ඇත
  • දැනට පවතින ගිණුම සමගින් පිවිසීම/ඩිමෝ ගිණුමක් විවෘත කිරීම යන දෙකෙන් කුමක් ක්ලික් කළද නව වින්ඩෝවක් විවෘත වේ
  • සෙවීම් කොටසෙහි XM යන්න ඇතුළත් කරන්න
  • ඔබට තිබෙන්නේ ඩිමෝ ගිණුමක් නම් XMGlobal-Demo අයිකනය හෝ ඔබට තිබෙන්නේ සැබෑ වෙළඳ ගිණුමක් නම් XMGlobal-Real අයිකනය ක්ලික් කරන්න

පියවර 3

  • ඔබේ පිවිසුම සහ මුරපදය ඇතුළත් කරන්න
  • ඔබේ iPad මගින් වෙළඳාම ආරම්භ කරන්න

නිතර යොමු වන ගැටලු

MT4 (PC/Mac) මත මම මගේ සේවාදායකය සොයා ගන්නේ කෙසේද?

"File" යන්න ක්ලික් කරන්න ⇾ නව වින්ඩෝවක් විවෘත කරන "Open an account" යන්න ක්ලික් කරන්න, "Trading servers" ⇾ පහළට ස්ක්‍රෝල් කර "Add new broker" හි ඇති + සලකුණ ක්ලික් කරන්න, පසුව "XM" ලෙස ටයිප් කර "Scan" යන්න ක්ලික් කරන්න.

ස්කෑන් කිරීම අවසන් වූ පසු "Cancel" යන්න ක්ලික් කර එම වින්ඩෝව වසන්න.

ඉන් අනතුරුව, ඔබේ සේවාදායකයේ නම එහි තිබේද යන්න දැක ගැනීමට "File" ⇾ "Login to Trading Account" ක්ලික් කර කරුණාකර නැවත පිවිසීමට උත්සාහ කරන්න.

පුරනය විය යුත්තේ කුමන සේවාදායකයටදැයි පරික්ෂා කිරීමට, ඔබේ පිළිගැනීමේ ඊමේල් පණිවිඩයට හෝ සාමාජික අවකාශයේ ඇති මගේ ගිණුම් පිළිබඳ දළ විශ්ලේෂණය වෙත පිවිසෙන්න

මට MT4 වෙළඳ වේදිකාවට ප්‍රවේශය ලබා ගත හැක්කේ කෙසේද?

MT4 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කිරීම ආරම්භ කිරීමට ඔබට MT4 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. ඔබට තිබෙන්නේ MT5 ගිණුමක් නම් MT4 වෙළඳ වේදිකාව තුළ වෙළඳාම් කළ නොහැකිය. MT4 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT4 වෙත ප්‍රවේශ වීමට මගේ MT5 ගිණුමේ ID භාවිත කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. ඔබට MT4 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT4 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මගේ MT4 ගිණුම සත්‍යාපනය කරගන්නේ කෙසේද?

ඔබ දැනටමත් MT5 ගිණුමක් සමග XM සේවාදායකයෙකු නම්, ඔබට ඔබේ සත්‍යාපනය කිරීමේ ලේඛන නැවත ඉදිරිපත් කිරීමකින් තොරව සාමාජික අවකාශයෙන් අමතර MT4 ගිණුමක් විවෘත කළ හැකිය. කෙසේනමුත්, ඔබ නව සේවාදායකයෙකු නම් අවශ්‍ය සියලු සත්‍යාපනය කිරීමේ ලේඛන (එනම් අනන්‍යතාව සහ පදිංචිය සනාථ කිරීමේ) අප වෙත සැපයිය යුතුය.

මගේ පවතින MT4 වෙළඳ ගිණුමෙන් මට කොටස් CFD වෙළඳාම් කළ හැකිද?

නැත, ඔබට එසේ සිදු කළ නොහැකිය. කොටස් CFD වෙළඳාම් කිරීමට ඔබට MT5 වෙළඳ ගිණුමක් තිබිය යුතුය. MT5 ගිණුමක් විවෘත කිරීමට මෙහි ක්ලික් කරන්න.

මට MT4 මත වෙළඳාම් කළ හැකි උපකරණ මොනවාද?

MT4 වෙළඳ වේදිකාව මත ඔබට කොටස් දර්ශක, ෆොරෙක්ස්, වටිනා ලෝහ සහ බලශක්ති ඇතුළු XM සතුව ඇති සියලු උපකරණ වෙළඳාම් කළ හැකිය. තනි කොටස් පවතින්නේ MT5 මත පමණි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.