ෆොරෙක්ස්, වෙළඳ භාණ්ඩ, වටිනා ලෝහ, බලශක්ති සහ සමකොටස් දර්ශක (equity indices) එකම ගිණුමකින් වෙළඳාම් කරන්න
XM MT4 හෝ MT5 වෙළඳ වේදිකා සමගින් ගෝලීය වෙළඳපොළ වෙත ක්ෂණිකව පිවිසෙන්න.

කොටස් (equity) දර්ශක - ස්ප්‍රෙඩ්/තත්ත්වයන්

* ස්වැප් අනුපාත ගණනය කරනු ලබන්නේ දර්ශක මුදල්වල අදාළ අන්තර් බැංකු අනුපාතය මත පදනම්වය. අදාළ අන්තර් බැංකු අනුපාතයට දළ ලාභය (mark-up) එකතු කර long position අයකරනු ලබන අතර අනුපාතයෙන් දළ ලාභය අඩු කර short position හිමිවේ. මෙම ක්‍රියාකාරීත්වය මෙහෙයවනු ලබන්නේ 00:00ට (GMT+2 කාල කලාපය, DST අදාළ විය හැකි බව කරුණාවෙන් සලකන්න) වන අතර මිනිත්තු කිහිපයක් මේ සඳහා ගත විය හැකිය. සිකුරාදා දින වෙළඳාම අවසන් කරන විට විවෘතව තබන වෙළඳාම් සඳහා දින 3කට ස්වැප් අය කරනු ලැබේ.

** වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

*** තෝරාගත් CFD සංකේතවල මාජින් අවශ්‍යතාව = [ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ආරම්භක මිල] / [(ගිණුමේ ලෙවරේජයේ, සංකේතයේ ලෙවරේජයේ) අවමය]

තෝරාගත් සංකේත මත මාජින් ප්‍රතිශත පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මෙහි ක්ලික් කරන්න.

CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය, එසේම ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

** වත්මන් වෙළඳපොළ මිලකට pending ඇණවුම් සිදු කිරීම සඳහා වන අවම මට්ටම.

*** තෝරාගත් CFD සංකේතවල මාජින් අවශ්‍යතාව = [ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ආරම්භක මිල] / [(ගිණුමේ ලෙවරේජයේ, සංකේතයේ ලෙවරේජයේ) අවමය]

තෝරාගත් සංකේත මත මාජින් ප්‍රතිශත පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මෙහි ක්ලික් කරන්න.

CFD සඳහා වන මාජින් අවශ්‍යතාව ගණනය කරනු ලබන්නේ මේ ආකාරයටය: ලොට් * ගිවිසුමේ ප්‍රමාණය * ඇරඹුම් මිල * මාජින් ප්‍රතිශතය, එසේම ඔබේ වෙළඳ ගිණුමේ ලෙවරේජ් මත පදනම් නොවේ.

ඔබ CFD හි position ආරක්ෂා (hedge) කරන විට සහ ඔබේ මාජින් මට්ටම 100%ට වඩා වැඩි නම් මාජිනය සෑම විටම 50% වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

විස්තරය සංකේතය පවත්නා ගිවිසුම ආරම්භක දිනය* වැසීම් පමණක් සිදු කළ හැකි දිනය* කල් ඉකුත් වන දිනය ගිවිසුම්ගත මාස ගිවිසුම කල් ඉකුත් වීම්**
EU Stocks 50 EU50 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
France 40 FRA40 Apr 2024-03-13 2024-04-17 2024-04-18 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**
Germany 40 GER40 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
Japan 225 JP225 Jun 2024-03-06 2024-06-12 2024-06-13 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
Switzerland 20 SWI20 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
UK 100 UK100 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US Tech 100 US100 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
Wall Street 30 US30 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US 500 US500 Jun 2024-03-13 2024-06-20 2024-06-21 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
US Dollar Index USDX Jun 2024-03-14 2024-06-14 2024-06-15 MAR, JUN, SEP, DEC ගිවිසුම කල් ඉකුත් වීම්**
Volatility Index Futures (S&P500) VIX Apr 2024-03-18 2024-04-15 2024-04-16 මාසිකව ගිවිසුම කල් ඉකුත් වීම්**

*අපි සැබෑ දිනයට සමීප වීමත් සමග වැසීම පමණක් සිදු කළ හැකි සහ කල් ඉකුත් වන දින වෙනස් විය හැකිය. මෙයට හේතුව වන්නේ ඉදිරි ගනුදෙනු ගිවිසුම්වල කල් පිරීම දීර්ඝ කිරීම පාලනය කරන අපගේ ද්‍රවශීලතා සපයන්නන් විසින් සකසා ඇති නීති රීති වන අතර එය සක්‍රිය සහ ඊළඟට කල් ඉකුත් වීමට නියමිත ගිවිසුම් යන දෙකෙහිම ද්‍රවශීලතාව මත පදනම් වේ. පෙර ගිවිසුමේ කල් ඉකුත් වන දිනය වන්නේ නව උපකරණයේ ආරම්භක දිනයට පසු ව්‍යාපාරික දිනයයි.

**කල් ඉකුත් වීමේ දිනය සෑම මසකම වෙනස් වන අතර එය අපගේ ද්‍රවශිලතා සපයන්නන්ගේ කාලසටහන සහ ගිවිසුම්වල ද්‍රවශීලතාව මත පදනම් වේ.

කල් ඉකුත් වන දිනයක් ඇති මූල්‍ය උපකරණවල නව ගිවිසුම් සඳහා අපගේ සමාගම ස්වයංක්‍රීය කල් දැමීමක් (rollover) ලබා නොදෙන බව කාරුණිකව සලකන්න.

මුදල් දර්ශක මත ලාභාංශ ගැලපුම (GER40 හැර)

මුදල් දර්ශක මත වන CFD ලාභාංශ ගැලපුම් සඳහා භාජනය වේ.

දර්ශක සංඝටකයක් තම කොටස්කරුවන්ට ලාභාංශ ගෙවන විට, එය අත්‍යවශ්‍යයෙන්ම ලාභාංශ ප්‍රමාණයෙන් සමාගමේ වටිනාකම අඩු කරයි.

මෙය සමාගම් කොටස් මිලෙහි අඩුවිමක් ලෙස මෙන්ම, දර්ශකය තුළ ඇති කොටස්වල බරට සමානුපාතිකව දර්ශකයේ වටිනාකමෙහි අඩු වීමක් ලෙසින් ex-dividend දිනයේ පිළිබිඹු වේ.

Position වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව සහතික කිරීම සඳහා, ex-dividend දිනයේ 00:00ට (GMT+2 කාල කලාපය, DST යෙදිය හැකි බව කරුණාවෙන් සලකන්න) දර්ශකයේ position එකක් පවත්වා ගෙන යන සේවාදායකයින්ගේ ගිණුම්වලට ලාභාංශ ගැලපීම සිදු කෙරේ.

ලාභාංශ ගැලපීම සිදු කරනුයේ ex-dividend දිනයේ වෙළඳපොළ විවෘත කිරීමට පෙරය (වෙළඳපොළ හෝරා ඉහතින් දැක ගත හැකිය).

මිලදී ගැනීම් (long positions) මත ලාභාංශ ගැළපුම් අදාළ රැඳවුම් බදු අඩු කිරීමෙන් පසු ඔබේ ගිණුමට බැර කරනු ලැබේ. අඩු කරන ලද මුදල පාදක වූ මූල්‍ය උපකරණය අනුව වෙනස් විය හැකිය. රැඳවුම් බදු අඩු කිරීම විකිණීම් (short positions) සඳහා අදාළ නොවේ.

Germany40 (GER40Cash) හි CFD ලාභාංශ ගැලපුම්වලට යටත් නොවේ. මන්දයත්, එහි සංඝටක කොටස් විසින් ගෙවන ලද ලාභාංශ, දර්ශකය තුළම නැවත ආයෝජනය කරන බැවිනි. මේ අනුව, සංඝටකයක් ලාභාංශයක් ගෙවීම හේතුවෙන් පහළට ගැලපිමක් සිදු නොවේ.

ඉදිරි ගනුදෙනු දර්ශක මත වන CFD ද ලාභාංශ ගැලපුම් සඳහා භාජනය නොවේ.

Buy වෙළඳාම් සඳහා පහත පරිදි ගණනය කරනු ලබන මුදලක් හිමිවේ.

ලාභාංශ ගැලපීම = ප්‍රකාශ කරන ලද දර්ශක ලාභාංශ x ලොට්වලින් position ප්‍රමාණය

Sell වෙළඳාම් සඳහා පහත පරිදි ගණනය කරන ලද මුදලක් අය කෙරේ.

ලාභාංශ ගැලපීම = ප්‍රකාශ කරන ලද දර්ශක ලාභාංශ x ලොට්වලින් position ප්‍රමාණය

දර්ශක ලාභාංශ

පෙන්වා ඇති සංකේත මෙම සතියේ ලාභාංශ ගෙවීමට අපේක්ෂා කරන සංකේත (උපකරණ) පමණි. ලාභාංශ දර්ශන අපගේ ද්‍රවශීලතා සපයන්නන්ගේ අපේක්ෂාවන් නියෝජනය කරන අතර වෙනස් වීම්වලට භාජනය වේ.

සමකොටස් (equity) දර්ශක වෙළඳාම පිළිබඳ

සමකොටස් (equity) දර්ශක හෝ කොටස් (stock) දර්ශක යනු කොටස් වෙළඳපොළක නිශ්චිත කොටසක වටිනාකම මනින සැබෑ වෙළඳපොළ දර්ශක වේ. ඒවා ගණනය කරනු ලබන්නේ ඒවා මගින් නියෝජනය කරන සැබෑ කාණ්ඩයට අයත් තෝරාගත් කොටස්වල මිල ගණන්වල භරිත සාමාන්‍යයක් මතය. කොටස් දර්ශකවලට NASDAQ වැනි නිශ්චිත කොටස් වෙළඳපොළක් හෝ ඇමරිකානු S&P 500, බ්‍රිතාන්‍ය FTSE 100, හෝ ජපාන Nikkei 225 වැනි, රටක විශාලතම සමාගම්වල නිශ්චිත කාණ්ඩයක් නිරූපණය කළ හැකිය.

දර්ශකවල පරමාර්ථය වන්නේ නිශ්චිත කොටස් වෙළඳපොළක හෝ රටක සාමාන්‍ය ආර්ථිකයේ සාමාන්‍ය දිශානතිය පෙන්වීමයි. කෙසේවෙතත්, කොටස් දර්ශක සමාගම් සමූහයකින් සමන්විත වන බැවින් විශේෂිත සමාගමක විශාල පියවරක් හෝ වෙළඳාමේ විශේෂිත අංශයක විශාල පියවරක් මගින් ඒවාට දැඩි බලපෑමක් එල්ල විය හැකිය.

පාදක වූ කොටස් සමූහයෙන් කොටස් දර්ශකයක් සඳහා ලබා දී ඇති සැබෑ බර විවිධ දර්ශක අතර වෙනස් වේ. ඉන් අදහස් වන්නේ අවසාන ප්‍රතිඵලය ලබා ගැනීමට සියල්ලම එකම නිර්ණායකය භාවිත නොකරන බවයි. නිශ්චිත පාදක වූ කොටසක් එහි දර්ශකයට නිපදවන සත්‍ය බර ගණනය කිරීමේ ප්‍රධාන ක්‍රම දෙක වන්නේ මිල බර තැබීම සහ ප්‍රාග්ධනන බර තැබීමයි.

පහතින් ඔබට වඩාත් ජනප්‍රිය දර්ශක කිහිපයක ඒවා අයත් වන කාණ්ඩය දැක ගත හැකිය.

  • 1. Dow Jones (US30) සහ Nikkei 225 (Japan225) යනු මිල භරිත දර්ශකයි.
  • 2. FTSE 100 (එක්සත් රාජධානිය 100), ASX200 (ඕස්ට්‍රේලියාව 200), Hang Seng දර්ශකය (හොංකොං 50), DAX (ජර්මනිය 30), CAC 40 (ප්‍රංශය 40) සහ IBEX35 (ස්පාඤ්ඤය 35) යනු ප්‍රාග්ධනනය භරිත ප්‍රධාන කොටස් දර්ශක කිහිපයක් වේ.

සමකොටස් (equity) දර්ශක - ඒ්වා මොනවාද?

S&P 500 (US500): S&P 500 (US500) කොටස් වෙළඳපොළ දර්ශකය ඇමරිකානු මූල්‍ය සේවා සමාගමක් වන Standard & Poor’s Financial Services LLC විසින් 1957 දී හඳුන්වා දෙන ලදි. එය ඇමරිකානු සමකොටස්වල ප්‍රමුඛ දර්ශකයකි. සාමාන්‍යයෙන්, ඇමරිකානු කොටස් වෙළඳපොළේ බහුලව භාවිත වන මිණුම් ලකුණක් වශයෙන් එය ප්‍රාග්ධනනය මගින් ඇමරිකානු සමකොටස් 75%ක් පමණ ආවරණය කරයි.

ASX200 (ඕස්ට්‍රේලියා 200): ASX 200 (AUS200) දර්ශකය යනු ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති කොටස්වල, වෙළඳපොළ ප්‍රාග්ධනනය භරිත කොටස් වෙළඳපොළ දර්ශකයකි. එය සාමාන්‍ය දෛනික පිරිවැටුම ඩොලර් බිලියන 4.685ක් වන ලොව ඉහළම විනිමය කණ්ඩායම් 15ට අයත් වේ. මෙම දර්ශකයට ඕස්ට්‍රේලියානු කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති කොටස් පමණක් ඇතුළත් වේ.

Nikkei 225 (JP225): Nikkei 225 (JP225) නොඑසේ නම් Nikkei යනු ඇමරිකානු ‌ඩොලර් ට්‍රිලියන 4.09ක වෙළඳපොළ ප්‍රාග්ධනනය සහිත ලෝකයේ තෙවනුවට විශාලතම කොටස් හුවමාරුව වන ටෝකියෝ කොටස් හුවමාරුවේ කොටස් දර්ශකයකි.

HSI (HK50): HIS (HK50) Hang Seng දර්ශකය යනු වෙළඳපොළ ප්‍රාග්ධනනය භරිත කොටස් වෙළඳපොළ දර්ශකයකි. එය 1969 සිට භාවිත කෙරුනේ ආසියාවේ දෙවනුවට විශාලතම (ලෝකයේ හය වැනි ස්ථානය) කොටස් හුවමාරුව වන හොංකොං කොටස් වෙළඳපොළෙහි (HKEx) පවතින විශාලතම සමාගම් 50ක දෛනික වෙනස්කම් වාර්තා කිරීමටය.

FTSE 100 (UK100): FTSE 100 (UK100) මගින් අදහස් වන්නේ Financial Times Stock Exchange 100 Index යන්නයි. එය ලන්ඩන් කොටස් හුවමාරුවේ ලැයිස්තු ගත කර ඇති විශාලතම වෙළඳපොළ ප්‍රාග්ධනනය සහිත සමාගම් 100ක් ආවරණය කරයි.

NASDAQ 100 (US100): ප්‍රධාන NASDAQ දර්ශකය යනු NASDAQ කොටස් හුවමාරුවේ ලැයිස්තු ගත කර ඇති මූල්‍ය නොවන වඩාත් ප්‍රභලතම සමාගම් 107කින් නිකුත් කරනු ලබන සමකොටස් සුරැකුම්පත් 107කින් සමන්විත NASDAQ 100 (US100) උපකුලකය සමගින් වන NASDAQ සංයෝගයයි.

DJIA (US30): Dow Jones Transportation Average වලට පසු ඇමරිකාවේ දෙවනුවට පැරණිතම කොටස් වෙළඳපොළ දර්ශකය වන DJIA (US30) කොටස් වෙළඳපොළේ සම්මත වෙළඳ සැසියක් අතරතුර ඇමරිකාවේ ප්‍රධාන සමාගම් 30ක කාර්ය සාධනය පෙන්නුම් කරයි. එය ගණනය කරනු ලබන්නේ DJIA Divisor විසින් එය නියෝජනය කරන කොටස් 30 හි සියලුම මිල ගණන්වල මුළු එකතුව බෙදීමෙනි.

DAX (GER40): Deutscher Aktienindex ලෙස අදහස් කෙරෙන DAX (GER40) යනු ෆ්‍රැන්ක්ෆර්ට් කොටස් හුවමාරුවේ වෙළඳාම් කරන ප්‍රධාන සමාගම් 40ක ප්‍රධාන ජර්මානු කොටස් වෙළඳපොළ දර්ශක නියෝජිතයා වෙයි. ගුණාත්මකභාවය සහ ලාභදායීතාව අනුව එය ඉහළ පිළිගැනීමක් සහිත (blue chip) දර්ශකයක් ලෙස සලකනු ලැබේ.

CAC 40 (FRA40): ප්‍රංශ මිනුම් ලකුණ කොටස් වෙළඳපොළ දර්ශකය වන CAC 40 (FRA40) මගින් Cotation Assistée en Continu යන්න හැඟවෙන අතර එය යුරෝපයේ දෙවන විශාලතම හුවමාරුව වන Euronext Paris ප්‍රංශ සුරැකුම්පත් වෙළඳපොළේ වෙළඳාම් කරන ලද ඉහළම ප්‍රාග්ධනන සමාගම් කොටස් 100 හි ඉහළම අගයන් 40 නියෝජනය කරයි.

සියල්ල ප්‍රසාරණය කරන්න|සියල්ල හකුළන්න

සමකොටස් දර්ශක (කොටස් දර්ශක) යනු මොනවාද?

සමකොටස් දර්ශක හෝ කොටස් දර්ශක යනු සරලවම පාදක වූ කොටස් සමූහයක සමස්ත මිල නියෝජනය කරන දර්ශක වේ.

ප්‍රධාන සමකොටස් දර්ශක (ලෝකයේ කොටස් දර්ශක) පහත ඒවා වන අතර එපමණක්ම නොවේ.

  • 1. S&P 500
  • 2. Dow Jones
  • 3. Nasdaq
  • 4. FTSE100
  • 5. Nikkei225
  • 6. DAX
  • 7. CAC40
  • 8. Euro Stoxx 50
  • 9. ASX200

බොහෝ අවස්ථාවල කොටස් දර්ශක යනු ඔවුන්ගේ කණ්ඩායම් අයත් වන කොටස් වෙළඳපොළේ සමස්ත නිරූපණයකි. බොහෝ අවස්ථාවල කොටස් දර්ශකයට අයත් පාදක වූ කොටස් වඩාත් බලගතු (විශාලතම ප්‍රාග්ධනනය) සමාගම්වලින් සමන්විත වේ.

සමකොටස් (equity) දර්ශක වෙළඳාම සිදු වන්නේ කෙසේද?

ඕනෑම වෙළඳ දිනයක ඇතැම් සමාගම්වල කොටස් මිල ඉහළ පහළ යයි. කොටස් දර්ශකය යනු පැවරූ කොටස් සමූහයක සම්පාදනයක් බැවින් එක් එක් කොටසේ මිල එහි අවසාන මිලට දායක වන සමස්ත ගතිකත්වය (ගණිතමය සහ සංඛ්‍යානමය සූත්‍රය) මත පදනම්ව එහි සත්‍ය මිල ඉහළ පහළට ගමන් කරනු ඇත.

පහතින් දැක්වෙන්නේ සමකොටස් (equity) දර්ශක වෙළඳාමේදී අවබෝධ කර ගත යුතු කරුණු කිහිපයකි.

  • 1. නිශ්චිත කොටස් දර්ශකයක (උදා. Dow Jones) ඇති සියලුම කොටස් තෝරා ගැනීමේ ක්‍රියාවලියකට යටත් වන අතර සමස්ත වෙළඳ කාර්ය සාධනය නව සමාගමක් විසින් අතික්‍රමණය කරන්නේ නම් වෙනත් සමාගමක් විසින් ආදේශ කළ හැකිය. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, සමූහයකට අයත් සමාගම් සෑම විටම සමාන වන බවට සහතික නොවේ.
  • 2. සමස්ත කොටස් දර්ශකයට නිශ්චිත කොටසකින් සිදු කරන බලපෑම තීරණය කිරීමට ගණනය කිරීම් සහ රීති ඇතුළත් වේ. සමූහයට එකතු කරන සියලු කොටස් එකම ආකාරයෙන් සැලකීමට භාජනය නොවේ. සරලව පවසන්නේ නම්, කොටස් දර්ශකයේ සමස්ත මිල යනු සරලව කොටස්වල මිල එකතු කිරීමක් සහ කොටස් ගණනින් බෙදීම නොවේ.
  • 3. කොටස් දර්ශකයක් සාමාන්‍ය සම්මුතිය පෙන්නුම් කරන අතර එය ඓතිහාසික වටිනාකමක් සහිත සමස්ත කොටස් වෙළඳපොළේ ක්‍රියාකාරීත්වයේ මිනුම් ලකුණක් ලෙස සැලකිය හැකිය.
  • 4. 2 වන කරුණේ සඳහන් කළ ආකාරයට සමූහයට අයත් සියලුම කොටස් එකම ආකාරයෙන් සැලකිල්ලට භාජනය නොවන හෙයින් වැඩි බරක් ලබා දෙනුයේ වඩාත් විශාල ප්‍රාග්ධනනය සහිත සමාගම්හි දර්ශක වෙතටය. මින් අදහස් වන්නේ කිසියම් හේතුවකට නිශ්චිත විශාල සමාගමක කොටස් බිඳ වැටෙන්නේ නම්, සමූහයේ ඉතිරි කොටස් බිඳ නොවැටුණද සමස්ත දර්ශකය එය අනුගමනය කරන බවයි.
  • 5. 1 වන කරුණේ සඳහන් කළ ආකාරයට දර්ශකයක් ලෙස හඳුන්වන සමූහයට අයත් පාදක වූ කොටස් කාලයත් සමග වෙනස් වේ. ඓතිහාසික කාල පරිච්ඡේදයක් පුරාවට මෙම දර්ශකය සෑම විටම එකම කොටස් සමූහයක් නියෝජනය නොකරයි.

ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.

අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.